recent posts

Banner-3

ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 05 - පෝර්න් ඇබ්බැහිය (Porn Addiction) එක නවත්තගන්න මේ දේවල් 10 කියවන්න.



දැන් ටික දවසකට කලින් මම ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 04 කියන පෝස්ට් එක දාලා ස්වයං වින්දනය ඇයි අහිතකර වෙන්නේ කියලා පැහැදිලි කරා. ඒත් එක්කම මම පැහැදිලි කරා පෝර්න් හෙවත් අසභ්‍ය වීඩියෝ ආදිය බැලීම ස්වයං වින්දනය ඇබ්බැහියක තත්ත්වයට වර්ධනය කරන්න මූලික හේතුවක් වෙනවා කියලා. ඒ පෝස්ට් එකට කමෙන්ට්ස් දාපු සහ මැසේජස් එවපු ගොඩාක් අය තමන්ට එවැනි ඇබ්බැහියක් තිබෙන බවත් ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නිසා උදව් කරන්න කියලත් ඉල්ලලා තිබ්බා. වෙලාව මදි නිසා මේ විදියට මැසේජ් එවපු අය අතරින් හයදෙනෙක් එකක් විතරයි දිගට කතා කරන්න පුලුවන් වුනේ. ඒ හයදෙනා එක්ක කරපු කතාබහේදි ස්වයං වින්දනයට ඇබ්බැහිවීම සහ අසභ්‍ය වීඩියෝ බැලීමේ පුරුද්ද හෝ ඇබ්බැහිය කියන එක දෙකක් නෙවෙයි එකක් වෙන තරමට ලංකාවේ අයට මේ ප්‍රශ්න දෙකම බලපාලා තියෙනවා කියන අදහස තවදුරටත් තහවුරු වුනා. ඒ කියන්නේ ස්වයං වින්දනයෙන් ගැලවෙන්න බැරි ප්‍රධානම හේතුව පෝර්න්. 


මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. 2010 තරම් ඈත කාලයේදිත් අන්තර්ජාලයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුනේ පෝර්න් වීඩියෝ. 2019 අවුරුද්දෙදි විතරක් පෝර්න් හබ් වෙබ් අඩවියට විතරක් අප්ලෝඩ් වුන අලුත් වීඩියෝ ගාන මිලියන 6.83ක්. ඒ කියන්නේ දවසේ පැය 24 ම නොකා නොබී පෝර්න් වීඩියෝ බැලුවත් අවුරුදු 169 ක් පුරාම බලන්න තරම් වීඩියෝ ගොඩක්. ඉතින් හිතන්න මේවට ඇබ්බැහි වෙන එක කොච්චර ඉක්මනින් වෙන්න පුලුවන්ද කියන එක. එතකොට එහෙම වුනාම වෙන හානිය කොයි තරම් ප්‍රබලද? 2002 වසරෙදි ඇමරිකාවෙදි කරපු රිසර්ච් එකකින් හොයාගත්තා 60% කට ආසන්න ප්‍රමාණයක් දික්කසාදවලට හේතුව විවාහක යුවළක දෙන්නගෙන් එක්කෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහිවීම කියලා. මගේ පුද්ගලික මතය තමයි සිගරට් කර්මාන්තයට වඩා සමාජයට දරුණු හානියක් අපි නොදැනම කරනවා පෝර්න් විඩියෝ කර්මාන්තය. ඉතින් අද උත්සාහ කරන්නේ පෝර්න් බැලිම නවත්තගන්න උදව් වෙන පොදු උපදෙස් ටිකක් දෙන්න. සොරි ආශාවින්දි…


  1. දැන් උඩින් මම ලියපු ඡේදය ගැන ඔයාලා පොඩ්ඩක් අවධානය යොමු කරොත් පෙනෙයි මම පෝර්න් විඩියෝ බැලීමේ පුරුද්ද සහ ඇබ්බැහිය කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. මේක මනෝ විද්‍යාව සම්බන්ධ වෘත්තිකයන් අතර තියෙන පොදු පිළිගැනීමක් නිසා වෙන දෙයක්. ස්වයං වින්දනය වගේ ක්‍රියාවක් ඇබ්බැහියක් බවත් එය මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවීම හා සමාන තත්ත්වයක් කියලා ස්ථිරවම පිළිගැනීමක් තිබ්බත් පෝර්න් බැලීම කියන එකත් ඒ වගේ ඇබ්බැහියක්මද කියන එක ගැන සෞඛ්‍ය සහ මනෝ විද්‍යා වෘත්තිකයන් අතරේ පොදු එකගතාවයක් නෑ. සමහරු මේක අත්හැරගත නොහැකි පුරුද්දක් හෙවත් Compulsion එකක් විදියටත් තවත් සමහරු මේක ඇබ්බැහියක් හෙවත් Addiction එකක් විදියටත් හදුන්වනවා. දැන් මේ පුරුද්ද සහ ඇබ්බැහිය කියන තත්ත්වයන් දෙක අතර තියෙන වෙනස්කම් සහ සමානකම් මොනවද? කොහොමද අපිට ඒ දෙක වැදගත් වෙන්නේ. මේ දෙක අතර තියෙන සමානකම තමයි මේ දෙකම අපට නතර කරගැනීමට අපහසු තත්ත්වයන්. එතකොට මේ දෙක දෙකක් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා - අත්හැරිය නොහැකි පුරුද්දක් කියලා අපි කියන්නේ කිසිම අවශ්‍යතාවයක් නැතිවුනත් අපි ඔහේ කරන වැඩ. දවල්ට කාලා සිගරට් එකක් බොනවා...ඕනද ඒක ? නෑ ඕන නෑ ඒත් ඉතින් හැමදාම බොන හින්දා බොනවා. නිදාගන්න ඇදට ගියාම පොතක් කියවන කියව ඉන්නම ඕන නැත්නම් නින්ද අහලකටවත් එන්නේ නෑ...ඔන්න පුරුද්දක්. අවුලක් නෑ ඔහොම ටික කාලයක් යනවා. ඒතකොට ඇබ්බැහියක් කියන්නේ මොකද්ද? ඇබ්බැහියක් කියන්නේ ඒත් අර වගේම පුරුද්දක් තමයි නමුත් ඒ පුරුද්ද නිසා අපේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට සෲණාත්මක බලපෑමක් ඇතිවෙන්න පුලුවන්. සිගරට් දිගින් දිගටම බීලා දැන් පෙනහලු දෙකට වැලේ වැල් නෑ...ඔන්න සෲණාත්මක ප්‍රතිපල තියෙන ඇබ්බැහියක් ඇතිවෙලා. හැමදාම රෑට ස්වයං වින්දනය...ඔන්න ටික ටික ඇතිවෙනවා ගැහැණියක් එක්ක සාර්ථිකව ලිංගික සම්බන්ධයක් පවත්වන්න බැරි තරමේ ලිංගික අප්‍රාණිකතාවයක්. ඔන්න සෲණාත්මක ප්‍රතිපල තියෙන ඇබ්බැහියක් ඇතිවෙලා. ඒක නිසා මතක තියාගන්න අසභ්‍ය වීඩියෝ බැලීමේ පුරුද්ද ඉතාම ඉක්මනින් සහ අපිටත් නොදැනීම සෲණාත්මක බලපෑම් ඇතිකළ හැකි පුරුද්දක්. 

  2.  දැන් කොහොමද අපි හරියටම දැනගන්නේ අපිට පෝර්න් බැලිමේ ඇබ්බැහියක් තියෙනවාද නැද්ද කියලා? මේකට මම දෙන්නේ එකම එක ටෙස්ට් එකයි. දවස් 07 ක් - ඒ කියන්නේ පැය 168 ක් එකම එක පෝර්න් වීඩියෝ එකක්වත් බලන්නේ නැතිව ඉන්න බලන්න පුලුවන්නම්. පෝර්න් ඇඩික්ෂන් එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි පෝර්න් වීඩියෝ එකක් බලන්න තියෙන අසීමිත ආශාව. ඉන්ටර්නෙට් එකේ එක එක විදියේ පෝර්න් තියෙනවා, ඒවයේ ඉන්න කෙල්ලන්ගේ ඇග ලස්සනයි වාත්තු කරලා වගේ, පියයුරු දෙක ලොකුවට ලස්සනට තියෙන්නේ දැක්කම සිපගන්න හිතෙන විදියට, කෙල්ල යාන්තමට ඇග වැහෙන ඇදුමක් විතරක් ඇදගෙන කොල්ලගේ එක කටට අරගෙන ලෙවකනවා, එහෙම කරද්දි එන කෙදිරිය හරිම අනුරාගීයි, තව එකක කිරිගරුඩ වගේ ඇගක් තියෙන්න ලස්සන ගැහැණියක් තමන්ගේ හස්බ්න්ඩ්ට හොරෙන් තරුණ කොල්ලෙක් එක්ක සෙක්ස් කරනවා, තව එකක කුක්කු දෙක ගොඩාක් ලොකු කෙල්ලෙක් ඔෆිස් එකේ යාලුවෝ 04 දෙනෙක් එක්ක ස්විමින්ග් ෆූල් එකක් අයිනේ ඉන්නවා, අර කොල්ලෝ මේ කෙල්ලගේ බිකිනි එක ගලවද්දි ඒ ඇග ටිකෙන් ටික නිරුවත් වෙද්දි පුදුම ලස්සනක්...දැක්කනේ කියවද්දිත් නිකන් ආසයි ආසයි වගේනේ? දැන් පුලුවන්ද ඕවා බලන්නේ නැතිව දවස් 07 ක් ඉන්න? එහෙම ඉන්න බැරිනම් ඕන්න ඔයාට පෝර්න් ඇඩික්ෂන් එකක් හොදේ. පෝර්න් ඇඩික්ෂන් එකක් ඇතිවීමේදි වෙන තව දෙයක් තමයි ටිකෙන් ටික සාමාන්‍ය පෝර්න් සම්බන්ධයෙන් තියෙන උනන්දුව වෙනස්වීම සහ ඔයාගේ පෝර්න් ඩිමාන්ඩ් එක වැඩිවීම. කොල්ලොන්ට මතක ඇති මුල්ම කාලේ පත්තර කොලයක තියෙන අඩනිරුවත් ගැහැණු රූපයකට පවා අරක ලොකුවෙච්ච කාලේ...ඒත් දැන් එහෙම බැහැනේ? දැන් සාමාන්‍ය පෝර්න් වීඩියෝත් මදි..ඒ වෙනුවට බරපතල ඇක්ෂන් තියෙන අමුතු අමුතු සෙක්ස් ඇක්ට්ස් ඕන. ඉස්සර ටයිටැනක් චිත්‍රපටියේ රෝස් ජැක් ඉස්සරහා නිරුවත් වෙන දර්ශනයටත් ස්වයං වින්දනය කරපු අයට දැන් වයිෆ් ශෙයාර්, ගැන්ග්බැන්ග්, රිවර්ස් කවුගර්ල්, මිල්ෆ්, ෆේක් ටැක්සි, ත්‍රීසම් වගේ ඒවා ඕනමයි. සමහරුන්ට මොනවා බැලුවත් වැඩක් නෑ තමන්ගේ ප්‍රියතම පෝර්න් ස්ටාර්ගේ එකක්ම බලන්න ඕන. ඕක තමයි පෝර්න් සම්බන්ධයෙන් තියෙන උනන්දුව වෙනස්වීම කියන්නේ. සාමාන්‍ය කැටගරි එකක පෝර්න් වීඩියෝ එකක් බැලුවා වුනත් ටික වෙලාවකින්ම ඒක මදි වගේ කියලා වෙන වීඩියෝ එකක් ක්ලික් කරනවා. ආයේ ටිකක් බලාගෙන ඉන්නකොට හිතෙනවා ඒකට මල්ලිව එච්චර ලොකු වෙන්නේ නෑ කියලා. ඔන්න වෙන එකක් ක්ලික් කරනවා මේක නම් සුපිරි එකක් වෙයි කියලා. ඒකත් සුපිරි එකක් නොවුනාම ලොවෙත් නැති සෙක්ස් සීන් තියෙනවා කියලා දන්න මියා කලීෆාගේ වීඩියෝ එකක් හරි, ගැන්ග්බැන්ග් එකක් හරි, squirting එකක් හරි හොයනවා. ඕකට තමයි ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන්නේ. 

  3. පෝර්න් ඇඩික්ෂන් එකක් තියෙනවද කියලා බලාගන්න තියෙන තව ක්‍රම තුනක් කියන්නම්. පළවෙනි එක තමයි අපි හිතින් ට්‍රිගර්ස් හදා ගෙන තියෙනවා පෝර්න් බැලීම කේන්ද්‍ර කරගෙන. මොනවද මේ ට්‍රිගර්ස් කියන්නේ. ට්‍රිගර්ස් කියන්නේ මොනව හරි පුරුද්දක් වටේ ගොඩනැගිලා තියෙන බාහිර සංසිද්ධියක්. මේ බාහිර සංසිද්ධිය උන ගමන්ම අදාළ කෙනාට තමන් නිතර කරන පුරුද්දකට යොමු වෙන්න හිතෙනවා. ඔන්න කෙනෙක් දවල්ට කනවා. ඒක ට්‍රිගර් එකක්. ට්‍රිගර් වුනාම කරන පුරුද්ද මොකද්ද? සිගරට් එකක් බොන එක. එයා දවල්ට කන හැම වෙලාවෙම සිගරට් එකක් බොනවා. දැන් පැහැදිලියිද ට්‍රිගර් එක? මේක පෝර්න්වලට අදාළ වෙන්නෙ කොහොමද ? ඔන්න සමහරු ඉන්නවා රෑට නිදාගන්න කලින් ස්වයං වින්දනය කරන්නම ඕන නැත්නම් නින්ද යන්නේ නෑ කියලා. ට්‍රිගර් එක තමයි නිදාගන්න ඇදට යන එක. ඇදට ගියාද හා එහෙනම් යමු පෝර්න් හබ් එකට. පාඩම් වැඩ කර කර ඉන්නවා, මේ ලෝකේ දෙයක් ඔලුවට යන්නේ නෑ, ස්ට්‍රෙස් වෙලා වගේ. ඔන්න ට්‍රිගර් එකක්. මම ස්ට්‍රේස් වෙලා ඉන්නේ මම වැලක් බලලා ස්ට්‍රෙස් නැති කරගන්නවා කියලා යනවා පෝර්න් හබ් එකට. මේ ට්‍රිගර්ස් කියන එක ඉතාම වැදගත් පෝර්න් ඇඩික්ෂන් එක නවත්තගන්නත් හොදේ..ඒක ගැන පස්සේ කියන්නම්. ඇඩික්ෂන් එකක් තියෙනවාද කියලා දැනගන්න දෙවෙන ක්‍රමය තමයි අපි හොදටම දන්නවා මේ වීඩියෝ බැලිල්ල නිසා අපිට වෙන්නේ හානියක් කියලා ඒත් අපි බලනවා. ඩේටා යනවා...අරක අතගගා ඉදලා යන්න තියෙන දේවල් පිටවුනාට පස්සේ හිතෙනවා අපරාදේ ඩේටා ටික කියලා. හොදටම දන්නවා පාඩම් කරන්න තියෙන වෙලාව නාස්ති වෙනවා මේ වැඩෙන් කියලා. ඒත් ඒක කරනවා. ඇදට ගිහින් ඉන්නේ හොදටම නිදිමතයි..වෙලාව 11 ත් පහු වෙලා. ඒත් අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන වැලක් බලන්න හදනවා. එහෙම නැත්නම් මේ අමාරු පාඩමක් කියවනවා...මොකුත් ඔලුවට යන්නේ නෑ..ඒත් ඒ අස්සෙත් හිතනවා ඩැනී ඩැනියෙල්ස්ගේ කුක්කු දෙක ගැන. තුන්වෙනි එක තමයි කේන්තිය. පෝර්න් වීඩියෝ එකක් බල බල ඉදිද්දි මොනවා හරි බාහිර බාධාවක් ආවම ඔයාට කේන්ති යනවද? පෝර්න් වීඩියෝ එකක් බලද්දි කෝල් එකක් ආවොත්, අම්මා කතා කරොත්, වයිෆ් ඇහැරිලා බාත්රූම් යන්න හැදුවොත් ඔයාට යකා නගිනවද? හිත නොසන්සුන් වෙනවද? එහෙනම් ඔයයි යකායි දෙන්නම දැනගන්න ඔයාට පෝර්න් ඇඩික්ෂන් එකක් හැදිලා කියලා. 

  4. දැන් ඇඩික්ෂන් එකක් තියෙනවා කියලා තේරුම් ගත්තොත් කොහොමද ඒක නවත්තන්නේ? සාමාන්‍යයෙන් පෝර්න් ඇඩික්ෂන් එක වගේ දෙයක් නවත්තන එක ලේසි නැහැ. ඒක කියලා ඉන්න ඕන ඉස්සෙල්ලම. ඇයි ලේසි නැත්තේ? මූලිකම හේතුව තමයි පෝර්න් ඇඩික්ෂන් එකට දිගින් දිගටම යොමු වෙන එක අමාරු නෑ.ඩ්‍රග්ස් ඇඩික්ට්වුන කෙනෙක්ට සප්ලයි එක නැති කරලා බෙහෙත් දීලා හොද කරන්න පුලුවන්. ඒත් අපිට ලේසියෙන් පෝර්න් ඇඩික්ට් කෙනෙක්ට සප්ලයි එක නවත්තන්න බෑ. කලිනුත් කිව්වනේ - මිලියන ගාණක් වීඩියෝ තියෙනවා. තියෙනවා විතරක් නෙවෙයි ඒ වීඩියෝ ඕනම වෙලාවක ඇක්සස් කරන්න පුලුවන් කම්පියුටර්, ලැප්ටොප්, ටැබ් උපකරණ අපිට තියෙනවා. කොහේ ගියත් අපි අතේම තියාගෙන ඉන්න අපේ ජංගම දුරකතනයෙන් මේ විඩියෝවක් ඩවුන්ලෝඩ් කරන්න හෝ ප්ලේ කරන්න පුලුවන් විනාඩියක් යන්න කලින්. ඉතින් මේකෙන් ගැලෙවන එක ලේසි නැහැ. ඇඩික්ට් එක තියෙන කෙනාට ඒක නවත්තගන්න අඛණ්ඩ උනන්දුවක් තියෙන එක අනිවාර්යයි. සාමාන්‍යයෙන් පර්යේෂණවලින් කියන්නේ අපිට යම් ඇබ්බැහියක් නවත්වාගන්න දින 18 - 250 ත් අතර කාලයක් යනවා කියලා. මේක ඒ ඒ පුද්ගලයාගේ මානසික ඒකාග්‍රතාවයට අනුව වෙනස් වෙනවා. මගේ පුද්ගලික අත්දැකීම සාමාන්‍යයෙන් කෙනෙක්ට පෝර්න් ඇඩික්ෂන් එකක් නවත්ව ගන්න දින 30 - 60 ක් විතර යනවා. දැන් මේ පෝර්න් ඇඩික්ෂන් එක නවත්තගන්න කරන්න පුලුවන් හොදම දේ මොකද්ද දන්නවද? අර උඩින් කිව්වානේ ට්‍රිගර්ස් ගැන. ට්‍රිගර්ස් තමයි අපි පෝර්න් බලන්න යොමු කරන මූලිකම සාධකය. ඉතින් අපි පෝර්න් ඇඩික්ෂන් එක නවත්වාගැනීමේ උත්සාහයේදී කරන්න ඕන මූලිකම දේත් මෙන්න මේ ට්‍රිගර්ස්වලට චැලේන්ජ් කරන එක. ඕක තමයි මනෝ උපදේශකයෝ මූලිකවම කරන්නෙත්. තමන්ට පෝර්න් ඇඩික්ෂන් එකක් තියෙනවා කියලා කියන කෙනෙක් එක්ක පැය ගනනක් කතා කරලා එයාලා ට්‍රයි කරනවා පෝර්න් බලන්න එයාව යොමු කරන ට්‍රිගර්ස් අදුරගන්න - මොකද ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මනෝ උපදේශකයෙක් මේ විදියට කෙකෙන් පෝර්න් බලන්න යොමු කරන ට්‍රිගර්ස් ඔක්කොම හදුනගත්තාම ඊලගට එයාලා දෙනවා addiction-breaking strategies. මේ strategies අනුගමනය කරාම ඇඩික්ෂන් එකක් කඩන්න පුලුවන්. හැබැයි මහත්තයෝ ඉදලා හිටලා දවසක් දෙකක් strategies කරා කියලා ඔය ඇඩික්ෂන් එක නවතින්නේ නැහැ. ඇයි මේ නරක පුරුද්ද තමන්ට අහිතකර...මේක නිසා තමන්ගේ අනාගතය මොන විදියට නාස්ති වෙයිද කියන එක තේරුම් අරගෙන තමන්ම ගේමට බහින්න ඕන. ඒක ඔය මොන උපදේශකයටවත් ඔයා වෙනුවෙන් කරලා දෙන්න බෑ තමන්ම කරගන්නවා මිසක්. 

  5. දැන් උඩින් කියපු විදියට තමන්ට පෝර්න් ඇඩික්ෂන් එකක් තියනවා කියලා අදුරගෙනද ඉන්නේ? එහෙනම් මෙන්න ඒක නවත්තගන්න මම ඕනම කෙනෙක්ට පොදුවේ රෙකමන්ඩ් කරන ප්‍රධානම addiction-breaking strategy එක. සාමාන්‍යයෙන් ඇඩික්ෂන් එකක ස්වභාවය තමයි මොළයේ මුලු රසායනික ක්‍රියාවලියම ඒ ඇඩික්ෂන් එකට යොමු වෙන එක. හිතන්න ඩ්‍රග්ස් ගන්න කෙනෙක්. එයාට ඩ්‍රග්ස් ගන්න සල්ලි නැත්නම් එයාගේ මුලු මොලේම ෆැක්ටරි එකක් වගේ වැඩ කරනවා සල්ලි ටිකක් හොයා ගන්න. අම්මාගේ / තාත්තගේ සල්ලි හොරකම් කරන එක, ගෙදර බඩුවක් විකුනලා සල්ලි හොයන එක වගේ නොයේ ආකාර කල්පනා කරමින් ඒවයෙන් වැඩියෙන්ම හොද මොකද්ද කියලා එයා හිතනවා.. පෝර්න් බැලිල්ලත් මෙහෙමයි. හිතන්න නිදාගන්න ඇදට ගියාම අනිවාර්යයෙන් පෝර්න් බලන කෙනෙක්. නිදා ගන්න පැයක් දෙකක් තියලා එයාගේ මොලේ ඇතුලේ වැඩ කරනවා ඇදට ගියාම වැලක් බලන විදිය, මොකද්ද අද බලන වැල, අද මට ආසයි බීච් එකේ කපල් එකක් සෙක්ස් කරන එකක් බලන්න, තව පුලුවන්නම් හනිමූන් එක දවසේ කපල් එකක් සෙක්ස් කරන එක රෙකෝඩ් කරපු ඉන්දියන් වීඩියෝ එකක් බලන්න ඕන, හෙඩ් ෆෝන් එක කැඩිලා නේද කවුරුත් නිදාගන්නකන් කොහොම හරි අවදියෙන් ඉදලා සවුන්ඩ් එක්කම බලන්න ඕන...ඔන්න ඔය විදියට මොලේ වැඩ හිටු කියලා. දැන් අපි ඇඩික්ෂන් එකක් ඉලක්ක කරගෙන මොලෙයේ සිදුවෙන මේ රසායනික ක්‍රියාවලිය රිප්ලේස් කරමු...එහෙම නැත්නම් ඒ රසායනික ක්‍රියාවලිය අමාරුවෙන් හරි වෙන දෙයකට යොමු කරමු. කොහොමද කරන්නේ? කරන්නේ 30 days challenge කියන හරිම විනෝද ජනක වැඩක් හරහා. 

  6. 30 days challenge එක මූලිකව ආකාර දෙකක්. පළවෙනි එක තමයි 30 days no porn challenge එක. ඒ කිව්වේ දවස් 30 ක් මළාට වැලක් නම් බලන්නේ නෑ...බලනවානම් බලන්නේ ඔය දවස් 30 පස්සේ තමයි පුතෝ කියලා යකඩයක් ගිල්ලා වගේ ඉන්න එක. දෙවනි එක තමයි 30 days challenge එක ඇතුලෙම කරන්න ඕන 30 new things challenge එක. මේ දෙකම හැදිලා තියෙන්නේ rewiring the brain කියන මාරම ෆවර්ෆුල් සයිකොලොජි කන්සෙප්ට් එක ඇතුලේ. මම මේ දෙකම වෙන වෙනම පැහැදිලි කරන්නම්. දැන් ඔය 30 day challenge එක අපිට නම් දවස් 30 ක් නෙවෙයි එක පැයක් ඉන්න බෑ කියලා කියන පොරවල්වලට එහෙම සෑහෙන්න අමාරු වෙයි. ඒත් ඒක කරන විදියක් තියෙනවා...ඒ විදිය තමයි ඔයා නිතරම හිතන්න ඕන මම මේ පෝර්න් සදහටම නැවැත්තුව නෙවෙයි කෙටි කාලයකට විතරයි නැවැත්තුවේ කියලා (මම දන්නවා දවස් 30 ක් කියන්නේ කෙටි කාලයක් නෙවෙයි..ඒත් මමනේ මෙතන psychologist, ඒක නිසා මම කියන දේ අහලා නිතර අර විදියට හිතන්න...). පෝර්න් සදහටම නවත්තනවා කියන එකට මොළය ඉඩ දෙන්නේ නෑ...ඇයි ඒ? ඇයි දෙයියනේ පෝස්ට් එකක් දාලා කිව්වේ දවසක්. පෝර්න් සහ ස්වයං වින්දනය තමයි මොළය ඩොෆමීන් හෝමෝනය නිපදවාගන්න ලේසිම ක්‍රමය. ඔය මොළ ගෙඩිය නිකන්ම ඒක අතාරින්නේ නෑ. ඒ නිසා මොළයට කියන්න මම මේ පොඩි කාලෙකට හලෝ මේවා නවත්තලා ඉන්නේ ඔයා සිරා වෙන්න එපා කියලා. ඒත් එක්කම හිතන්න මේ කෙටි කාලය ඉවරවුනාම ලොවෙත් නැති වැලක් බලලා හරි රෑ එලි වෙනකන් ආශාවින්දිගේ විඩියෝ ඔක්කොම බලලා හරි මල්ලිට හොද සැපක් දෙනවා කියලත්. එහෙම හිතලා කොහොම හරි එදා දවසට පෝර්න් බැලීමේ සිතුවිල්ල යටපත් කරගන්න. ඕක තවත් ලේසි වෙනවා පොඩි කැලැන්ඩර් එකක් අරගෙන දවස් 30 කට පස්සේ එන දවස ලකුණු කරලා තියන්න. මොළයට කියන්න මචං මම මේ දවසේ අනිවා සුපිරි වීඩියෝ එකක් බලනවා එතකන් අල්ලගෙන ඉමු කියලා. තව එකක් ඔයා මේ ට්‍රයි කරන්නේ පෝර්න් නවත්තගන්න හොදේ. ස්වයං වින්දනය නවත්ත ගන්න නෙවෙයි. ඒ නිසා ඉන්නම බැරි වුනොත් අතින් කරගෙන වැඩේ ඉවරයක් කරලා දැම්මත් ලොකු අවුලක් නෑ ඉතින්. ඔය දවස් 30 ඉවර වුනාම ඇත්තටම වීඩියෝ එකක් බලන්න...මොකද එකක් බැලුවා කියලා මැරෙන්නේ නැහැනේ. අනිත් එක එහෙම දවස් 30 ක් ඉදලා අන්තිමට එකක් බැලුවම ඒක අපේ මොළයට reward එකක් - ඒ කිව්වේ තෑග්ගක් වෙනවා. අපි සමහර වෙලාවට කියනවානේ  “මම මිනිහාට පොඩි ටොෆියක් දුන්නා” කියලා...අන්න ඒ වගේ. දැන් මොකද්ද වෙන්නේ? වෙන්නේ මේකයි. මොළය ඔය ටොෆිය කනවා. මොලය ටොෆිය කද්දි අපි brain rewire කරනවා. මොකද්ද rewire කරනවා කියන්නේ? ඒ කියන්නේ මොලය සාමාන්‍යයෙන් හැසිරෙන විදිය සහ රටාව ඔක්කොම වෙනස් කරලා අපිට පුලුවන් මොලයට අලුත් ප්ලෑන් එකක් දෙන්න. ඒක අමාරු නෑ පොඩි උත්සාහයක් එක දිගට කරගෙන යන්න විතරයි ඕන. ඒ හරහා අපිට පුලුවන් දන්නෙම නැතිව අපිට තියෙන නරක ඇබ්බැහියක් වෙනුවෙන් මොලය වැය කරන ශක්තිය වෙනත් දෙයකට යොමු කරන්න. සාමාන්‍යයෙන් අපි යමක් එක දිගට දවස් 21 - 28 ත් කාලයක් කරනකොට අපි දන්නෙම නැතිව ඒක අපේ පුරුද්දක් වෙනවා. ඒ නිසා මේ brain rewire වැඩේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ අපේ අර නරක පුරුද්ද ඉබේම replace වෙන එක. 

  7. දැන් මම කිව්වනේ දවස් 30 ක් පෝර්න් බලන එක නවත්තනවත් එක්කම 30 new things challenge කියලා එකක් කරන්න කියලා. මොකද්ද ඒ? ඒකත් අර brain rewire වැඩේම කොටසක්. අර දවස් 30 න් හැම දවසකම ඔයා ජීවිතේ මේ දක්වා උත්සාහ නොකරපු අලුත්ම අලුත් දෙයක් කරන්න ඕන. මේක මොනවා හරි පොතක් කියවන එක, PS4 එකක් අරගෙන ගේම් එකක් ගහන එක, හයික් එකක් යන එක, කැමතිද අහන්න බයෙන් හිටපු කෙල්ලගෙන් කැමතිද අහන එක, තනියම ගිහින් හොද high-end restaurant එකකින් ඩිනර් ගන්න එක, අලුත් කෑමක් හදන්න පුරුදු වෙන එක, යාලුවෙක්ගෙන් DSLR කැමරා එකක් අරගෙන හෂාන් පන්නිල වගේ ෆොටෝ ටිකක් ගහන්න ඉගෙන ගන්න එක, සින්දුවක් ලියන එක, පොතක් ලියන්න පටන්ගන්න එක වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්. මොනවාම හරි අලුත් ඒ වගේම නරක ඇබ්බැහියක් වෙන්නේ නෑ කියලා ෂුවර් දෙයක් හැමදාම කරන එකත්, ඒ කරන වැඩේ ඔයා ෆුල් එක්සයිට් වෙන හරිම ආස හිතෙන දෙයක් වෙන එකත් තමයි වැදගත්ම දේ. ඔයා ආස මොකද්ද කීයක් ගියත් ඒ වැඩේ කරන්න. මොකද යන ගාන වගේ නෙවෙයි එක දිගට දවස් 30 ක් මේ වගේ අලුත් දෙයක් ට්‍රයිකරීම හරහා අර මල කරදර පෝර්න් ඇබ්බැහියෙන් බේරෙන්න පුලුවන් වෙනවා. දැන් අර උඩින් කිව්වනේ ට්‍රිගර් වීම් ගැන. අන්න ඒ ට්‍රිගර් වීම් වෙලාවලදි ඔයා ඊලග දවසේ කරන්න යන මේ අලුත් ආස හිතෙන වැඩේ ගැන හිතන්න, හිතින් ප්ලෑන්ස් ගහන්න, ඒක ගැන ලෝකයට කියන විදිය හිතන්න. උදාහරණයක් විදියට නිදාගන්න ඇදට ගියාම පෝර්න් බැලීම අනිවාර්ය අය ඒ පෝර්න් බැලීම වෙනුවට ඊලග දවසේ තමන් යන්න ඉන්න හයික් එක ගැන හිතන්න, ගිහිල්ලා ගහන්න ඕන සෙල්ෆි ටිකයි ෆොටෝ ටිකයි ගැන හිතන්න, ගිහින් ඇවිත් ෆොටෝ ටික ෆේස්බුක් එකට ඉන්ස්ටග්‍රැම් එකට දැම්මම එන ලයික්ස් කමෙන්ට්ස් ටික ගැන හිතන්න… ඒ ෆාටෝ වලට ආස වෙලා ක්‍රෂ් එක උනත් ඒවට කමෙන්ට් කරයි නේද කියලා හිතන්න. මේ ක්‍රමේ වැඩ කරනවා ලොවෙත්..කොහොමද මම එහෙම ඉන්තේරුවෙන්ම කියන්නේ? කලින් පෝස්ට් එකක මම පැහැදිලි කරා අපි මේ අලුත් ආස හිතෙන වැඩවලට යොමු වෙන්නේ ඒවා හරහා අපේ මොළයට ඩොෆමීන් නිෂ්පාදනය වෙන නිසා කියලා. ඒක නිසා මේ වගේ අලුත් අලුත් වැඩ කරන්න මොළය ආසයි. ඒ නිසා මෙහෙම අලුත් අලුත් වැඩ කරන්න කරන්න දන්නෙම නැතිව ඩොෆමීන් හදාගන්න තියෙන එකම විකල්පය වැලක් බලන එක නැත්නම් ස්වයං වින්දනය කරන එක කියන දේ මොළයට අමතක වෙලා ඒ අවධානය වෙන වැඩවලට යොමු වෙනවා. දන්නෙම නැතිව ඇඩික්ෂන් එක කැඩෙනවා. 

  8. දැන් ඔය කියපු 30 days challenge එකයි 30 new things challenge එකයි එක්ක තව පොඩි පොඩි දේවල් ටිකකුත් කරන්න ඕන පෝර්න් කරදරෙන් ගැලවෙන්න. එකක් තමයි ඔය ඩවුන්ලෝඩ් කරලා, බුක්මාර්ක් කරලා සේව් කරගෙන තියන හැම පෝර්න් වීඩියෝ එකක්ම ඩිලිට් කරන්න ඕන. මට මතකයි මගේ ලගට එක පාරක් කවුන්සලින්වලට ආපු පිරිමි ළමයෙක්ගේ ලැප්ටොප් එකේ ගිගාබයිට් 87 ක පෝර්න් වීඩියෝ කලෙක්ෂන් එකක් තිබ්බා කියලා මට හොයා ගන්න ලැබුන අවස්ථාව. ඒ කලෙක්ෂන් එක මාරයි. එයා ඒ කලෙක්ෂන් එක මාරම මහන්සි වෙලා කරලා තිබ්බා. හැම වීඩියෝ එකක්ම ක්‍රමානුකූලව කැටගරි කරලා, පහසුවෙන් හදුනගන්න පුලුවන් විදියට rename කරලා තිබ්බා. චිත්‍රපටි, වීඩියෝ, සෙක්ස් මැගසින් වෙන වෙනම ෆෝල්ඩර්ස්වල, ඒ ෆෝල්ඩර්ස් ඇතුලේ සිංහල, ඉංග්‍රිසි, දෙමළ, ජපන් විදියට භාෂාවලට වෙන් කරලා තිබුනා. ඒවයෙත් ඇතුලේ ලෙස්බියන්, ත්‍රිසම්, හාර්ඩ්කෝර්, 69, ගැන්ග්බැන්ග් වගේ ෆෝල්ඩර්ස් ඇතුලේ ඒ ඒ වීඩියෝ. වෙනම සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා වෙන කෙනෙක්ට ඒවා පහසුවෙන් හොයාගන්න බැරි විදියට hide තිබ්බා. තව ඔය විදියටම මගේ යාලුවෙක්ගේ බොයි ෆ්‍රේන්ඩ් කෙනෙක්ට තිබුනා ෆෝන් එකක්. මිනිහා නිදාගන්නෙත් ෆෝන් එක අතින් අල්ලගෙනලු. පස්සේ තමයි දන්නේ හේතුව - ඒ ෆෝන් එක ඇතුලේ දහස් ගාණක් පෝර්න් වීඩියෝ ක්ලිප්. මේ වගේ තමන්ගේ කලෙක්ෂන් එකක් තියෙනවානම් සහ පෝර්න් ඇබ්බැහියෙන් ගැලවෙන්නත් ඕනනම් ප්ලීස් ඒ හැමදේම ඩිලීට් කරලා දාන්න. ඔයාට සාමාන්‍ය මනුස්සයෙක් වගේ සාර්ථක ලිංගික ජීවිතයක් සහ සමාජ ජීවිතයක් ඕන කියලා හිතනවානම් දුක හිතන්නේ නැතිව ලෝබ හිතන්නේ නැතිව එක පාරින් ඩිලිට් කරලා දාන්න. ඒ වගේම හොද anti-phone software එකක් / app එකක් පරිඝනකයට / දුරකථනයට දාගන්න. ඒ වගේම පුලුවන් හැම වෙලාවෙම මේ ඩිජිටල් උපකරණ පාවිච්චිය පාලනය කරන්න. ඔයාට ලැප්ටොප් එකේ වැඩක් කරද්දි සාමාන්‍යයෙන් පෝර්න් බලන්න හිතෙනවා ද? එහෙම හිතෙනකොට ලැප්ටොප් එක අරගෙන ගෙදර අනිත් අය ඉන්න තැනකට ගිහින් වැඩ කරන්න. රෑට නින්දට ගියාම ජංගම දුරකථනයෙන් පෝර්න් බලන්න හිතෙනවද? එහෙනම් නින්දට යන්න කලින් පෝර්න් එකේ බැටරි එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් පාවිච්චි කරලා බැටරි එක ඉවර වුනාට පස්සේ චාර්ජ් එකට ගහලා ඇදට යන්න. 

  9. ගොඩක් අයට වෙන දෙයක් තමයි කරන්න නිශ්චිත වැඩක් නැති වුනාම පෝර්න් විඩියෝ බලන්න යොමු වෙන එක. ඔෆිස් එකේ වැඩ කරලා ගෙදර ඇවිත් කාලා ටීවී බලලා ඇදට යනවා. ඒත් නින්ද යනකන් කරන්න දෙයක් නෑ. ෆේස්බුක් එකේ එහා මෙහා වෙවි ඉන්න අතරේ හිතෙනවා පෝර්න් වීඩියෝ එකක් බලන්න. දන්නෙම නැතිව ඕක පුරුද්දට යනවා. තව අය ලැප්ටොප් එකේ රෑ වෙනකන් වැඩ කරලා වැඩ ඉවර කරනවා. දැන්ම නිදාගන්න ගියාට වැඩක් නෑ තව ටිකක් ඔහේ ඉන්නවා කියලා ලැප්ටොප් එකේ එක එක දේවල් බලනවා. දන්නෙම නැතිව පෝර්න් වීඩියෝ බලන්න ඕන වෙනවා. ඔහොමනේ වෙන්නේ. ඒ නිසා පුලුවන් තරම් තමන් තනියම හුදෙකලාව සහ අලසම ඉන්න වෙලාවන් සීමා කරන්න. පුලුවන් තරම් තමන්ගේ යාලුවෝ පවුලේ අය එක්ක ගත කරන්න. එහෙම නැත්නම් තමන්ට කරන්න ඇක්ටිවිටි ටිකක් තියාගන්න. ගිටාර් ගහන එක, ඩ්‍රයිවින් පුරුදු වෙන එක වගේ මේ ඕන දෙයක් කරලා ඔයාව කාර්යබහුලව තියාගන්න. නිදාගන්න ඇදට ගියාමත් පොතක් කියවීම වගේ දෙයක් කරන්න. ගොඩාක් මගේ ලගට ආපු අය කරලා සාර්ථක වෙච්ච දෙයක් තමයි නිදාගන්න ඇදට ගියාම ටීවී සිරිස් එකක් බලන එක. හොද ටීවි සිරිස් එකක් අහුවුනාම ඒක ඉවර වෙනකන් එක දිගට බලන්න හිතෙනවාමයි. එහෙම වෙලාවට පෝර්න් බැලීම හෝ ස්වයං වින්දනය වගේ උවමනාවන් මතුවෙන්නේ නැති තරම්. දන්නෙම නැතිව අර කියපු දවස් 30 ගෙවිලා යයි. 

  10. පෝර්න් බැලීමෙන් නිදහස් වෙන්න ඔයාට තියෙන උවමනාව දිගටම පවත්වාගෙන යන එකත් වැදගත් හොදේ. තමන් මෙහෙම ප්‍රශ්නයකට මැදිහත් වෙලා තියනවා කියන එකත් ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරමින් ඉන්නවා කියන එකත් තමන්ගේ හොදම යාලුවට කියන්න පුලුවන් ඕනම පිරිමි ළමයෙක්ට. සමහරවිට ඒ හොදම යාලුවත් ඔය වගේම ප්‍රශ්නෙක ඉන්නවා වෙන්න පුලුවන්. තමන් දැන් දවස් කීයක් තිස්සේ ඒ විදියේ වීඩියෝ එකක් බැලුවේ නැද්ද කියන එක යාලුවත් එක්ක කතා කරන්න...තමන්ට එහෙම කන්ට්‍රෝල් එකක් තියෙන එක ගැන ආඩම්බර වෙන්න. එක් වතාවක් මගේ ගුරුවරියක් ලගට ආපු කපල් එකකින් හස්බන්ඩ්ට පෝර්න් ඇඩික්ෂන් එකක් තිබුනා. එයාගේ වයිෆ් තමන්ගේ හබියාගේ මේ ප්‍රශ්නේ එයාට විසදලා දෙන්න ඇත්තටම කැපවුන බව මගේ ගුරුවරිය කියලා තියෙනවා. ඒ සිද්ධියේදි හස්බන්ඩ්ගේ ලැප්ටොප් එකට anti-phone software එකක් දාලා ඒකට පාස්වර්ඩ් පවා දාලා තියෙන්නේ වයිෆ්. ඒ වගේ සමහර වෙලාවට ඔයාගේ පෙම්වතියට, බිරිදට මේ ප්‍රශ්නය කියන්න පුලුවන් වෙන්න පුලුවන්. හොදට හිතලා ප්‍රශ්නය එයාට කියලා එයාගෙන් උදව් ගන්න. මේ විදියට යාලුවෙක්ට, පෙම්වතියට හෝ බිරිදට මේ ප්‍රශ්නය කියලා තිබ්බාම මේ සටනෙදි ඔයා තනි වෙන්නේ නෑ. ඒ වගේම එතකොට ඔයා තනියම උත්සාහ කරලා මේක නවත්තගන්න හදනවාට වඩා ඔයා accountable වෙනවා. මොකද එයාලාට චෙක් කරන්න පුලුවන් දැන් ඔයා මේකෙන් ගැලවෙන ගමනේ කොතනද ඉන්නේ කියලා. ඒ වගේම මේ කාලය ඇතුලත පෝර්න් ඇඩික්ෂන් එකෙන් ගැලවුනු අය තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න අවස්ථා ගැන තියෙන ලිපි, වීඩියෝ වගේ දේවල් කියවන්න / ඒවා බලන්න. හැම වෙලාවේම ඔයාට මේ ඇබ්බැහියෙන් තමන්වම ගලවාගන්න පුලුවන් බව බොහෝම ධනාත්මකව හිතන්න. මේ ලෝකේ තියෙන හැම ඇබ්බැහියකටම වඩා ඔයාගේ ඒ එකම එක සිතුවිල්ල බලවත් බව ඔයාට දවසක තේරේවි. 


Bonus point එක -  දැන් මේ මාසේ මොකද්ද? ඔක්තෝබර්...තව දවස් කිපයකින් එනවා නොවැම්බර්. බටහිර රටවල්වල තරුණ අය අතරේ නොවැම්බර් මාසය ප්‍රසිද්ධයි. නොවැම්බර් මාසය මුල් කරගෙන තරුණ අය අතර තියෙනවා හරි අමුතු ට්‍රෙන්ඩ් එකක් වුන කැම්පේන් 03 ක්. මේ එකක් තමයි No shave November - ඒ කිව්වේ පිරිමි ළමයි මුලු මාසෙ පුරාම රැවුල කපන්නේ නැතිව ඉන්නවා. ගෑණු ළමයින්ටත් ඕනනම් No shave November කරන්න පුලුවන්...මම නම් ගිය අවුරුද්දේ කරා. උඩින් කියපු කැම්පේන් 03 න් අන්තිම දෙක අද මම මේ දාන පෝස්ට් එකට අදාළයි. ඒ දෙක තමයි No Nut November සහ No pornvember කියන දෙක. No Nut November කියන්නේ නොවැම්බර් මාසේ ඉවර වෙනකන් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නෑ කියන එක. No pornvember කියන්නේ No Porn November කියන එක. ඒ කිව්වේ මළත් මේ මාසෙනම් පෝර්න් බලන්නේ නෑ කියන එක. පුලුවන්නම් අර මම උඩින් කියපු 30 days challenge එකත් එක්ක පුලුවන්නම් මේකත් කරලා බලන්න. 


මම මාධවී. මේ මගේ bedroom talks

Image Credit: Clinton Power Associates


ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 05 - පෝර්න් ඇබ්බැහිය (Porn Addiction) එක නවත්තගන්න මේ දේවල් 10 කියවන්න. ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 05 - පෝර්න් ඇබ්බැහිය (Porn Addiction) එක නවත්තගන්න මේ දේවල් 10 කියවන්න. Reviewed by Madhavi's Bedroom Talks on February 28, 2021 Rating: 5

No comments:

Powered by Blogger.