recent posts

Banner-3

ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 02 - ඔයාගේ කෙනාට සරාගී යට ඇදුම් තෑගි කරන්න ප්ලෑන් කරනවානම් මේ දේවල් 10 කියවන්න.

  


  1. ලිංගරි නෙවෙයි හරි වචනේ ලො-න්-ශ-රේ. ශ අකුර ශබ්ද කරද්දි පොඩ්ඩක් විතර ජ අකුරත් එකක් ශබ්ද කරන්න. ඉතින් මොකද්ද ඕක ගැන කියන්න හේතුව? මෙහෙමයි ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ්ට බිරිදට දෙන්න පුලුවන් හොදම සරාගී තෑග්ගක් තමයි ඔය කියන ලොන්ශරේ. ලංකාවේ ගොඩාක් ගෑණු අදින්නේ සාමාන්‍ය කඩවල්වල තියෙන පෑන්ටි සහ බ්‍රා. මේවා සමාන්‍යයෙන් ඇගට ලොකු පහසුවක් නැති ඇදුම්. සහ ගැහැණියක් විදියට තියෙන්න ඕන සියුම් සරාගීබව හෝ විශ්වාසනීයභාවය මේවයින් ලැබෙන්නේ නෑ. බැරි වෙලාවත් කෙල්ල කොල්ලෙක් ඉදිරියේ ඇදුම් ගැලැව්වොත් ඒ කොල්ලාගේ ෆීලිංග්ස් ඔක්කොම චුත වෙලා යන තරම් සමහර කෙල්ලොන්ගේ යට ඇදුම් ආච්චි-ටයිප්. තමන්ගේ උඩ ඇදුමට හරියන යට ඇදුම තෝරගන්න දන්නේ නැති නිසා තමයි ඔය ගොඩක් කෙල්ලෝ යටට තුන හතරක් අදින්නෙත්. උදාහරණයක් විදියට සීම්ලස් පෑන්ටි, boy shorts පෑන්ටි කියලා දේවල් තියෙනවා කියලා දන්නවනම් සාමාන්‍ය පෑන්ටි එකේ දාරේ ස්කර්ට් එකෙන් එළියට මතුවෙලා පේනවට උන්ට ඒකට උඩින් තව ශෝර්ට් එකක් අදින්න ඕන නැහැනේ. 


  2.  අනිත් එක තමයි තමන් යාලු වෙලා ඉන්න කෙල්ලට හෝ ලිංගිකත්වය හිතේ තියාගෙන ඇසුරු කරන කෙල්ලෙක්ට / ගැහැණියකට මේ වගේ දෙයක් තෑගි දීම එක්තරා ආකාරයක පොඩි සිග්නල් එකක්. ඒකෙන් එක විදියකට කියවෙනවා ඔයාලා දෙන්නා ඒ වගේ intimate දෙයක් තෑගි දීගන්න තරම් දැන් හරිම ක්ලෝස් කියලා. අනිත් පැත්තෙන් කියවෙනවා ඔයා මේක ඇදලා ඉන්නවා බලන්න මට ආසයි කියලා. කෙල්ලට උනත් හිතෙන්න පුලුවන් ඒක ඇදලා යාන්තමට හරි ෆොටෝ එකක් ගහලා යවන්න. 


  3. වැඩේ තියෙන්නේ ගැහැණුන්ගේ යට ඇදුම්, එහෙම නැත්නම් ලොන්ශරේස්, ඒත් නැන්නම් බ්‍රා සහ පෑන්ටීස් විවිධාකාරයි විෂමයි. බ්‍රා ගත්තම ඒවා තියනවා Push up bras, Padded Bra, Wired bra, Non-wired bra වගේ එක එක විදියට. පෑන්ටීස් ගත්තම තියෙනවා Brief, G Strings, Thongs, C String වගේ වර්ග. අපි දන්න ප්‍රධාන ලොන්ශෙර්ස් විදියට තියෙන බ්‍රා සහ පෑන්ටි අරුනම තව ඕන තරම් ලොන්ශෙර්ස් තියෙනවා. ඒවා babydolls, chemisses, crossets, stockings, garters වගේ වර්ග තියෙනවා. මැජික් වෙන්න එපා Male lingeries කියලත් 

    තියෙනවා.  ඕවා ඉන්ටර්නෙට් එකේ කියවලා බලන්න. මට වඩා හොදට පැහැදිලි කරනවා ඒවයේ. 

  4. දැන් අපි හිතමු ගෑණූ ළමයට හරි වයිෆ්ට හරි සරාගි ලොන්ශරේ එකක් තෑගි දෙන්න ඔයා හිතනවා කියලා. ඔයාගේ තේරීම එයාට එකම ඩිසයින් එකක මැච් වෙන කලර්ස් තියෙන බ්‍රා එකක් සහ පෑන්ටි එකක් දෙන්නද? මාරයි ඈ...එයා අනිවා කැමති වෙනවා. ඕක ඔයා කරන්නම ඕන. කරන්න කලින් මතක තියාගන්න මෙන්න මේවා මූලික කරණු. එක සයිස් එක, අනිත් එක බ්‍රෑන්ඩ්ස් මොනවද කියන එක, තුන්වෙනි එක කොහොන්ද ගන්නේ කියන එක. මැටීරියල් එක ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද ගොඩාක් සෙක්සි ලොන්ශරේස් සිල්ක්, ලේස් හෝ සැටින්. කොට්න් රෙදිවලින් හදපු ඒවා තමයි එදිනෙදා භාවිතයට ගොඩාක්ම හොද. 


  5. බ්‍රා එකක් ගත්තොත් ඒකේ සයිස් එක කියන්නේ මූලික වශයෙන්ම බෑන්ඩ් එකේ සයිස් එක සහ කප් එකේ සයිස් එකෙන්. ඇග වටේට ගිහින් පිටි පස්සෙන් හක් එක වැටෙන කොටස බ්‍රා එක. එයාගේ පියයුරු දෙක වහගෙන ඉන්නේ කප් එක. බෑන්ඩ් සයිස් එක වෙනයි කප් සයිස් එක වෙනයි. බෑන්ඩ් සයිස් එක හැමවෙලාවෙම කියන්නේ අගල් වලින්..කප් සයිස් එක ඉංග්‍රිසි හෝඩියේ අකුරකින්. උදාහරණයක් විදියට සයිස් 32A, 34C ආදී විදියට තියෙනවා. පෑන්ටි එකක් ගත්තොත් ඒකේ සයිස් එක කියන්නේ ඉනේ සයිස් එකට අනුව. ඒ අනුව small, medium, large, extra large, double XL වගේ තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියනෙවා bra size chart සහ panty size chart. මේවා පාවිච්චි කරන්න සයිස් එක තෝරගන්න. 


  6. මේවා ගන්න යන්නේ වයිෆ්ට නම් මම කෙලින්ම කියන්නේ ඔයා මේ වෙනකොටත් එයාගේ සයිස් එක එයාටත් වැඩිය හොදට දන්නවා වෙන්ව ඕන. මොකද ඒ ඇදුම්වලින් වැහෙන දේවල් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඔයානේ. එහේම දන්නේ නැත්නම් ඉතින් ඊයා හලෝ. හැබැයි මේ තෑග්ග දෙන්න යන්නේ ගෑණු ළමයටනම් සයිස් එක හොයාගන්න එක ටිකක් අමාරුයිනේ. ඔයාලා දෙන්නා ඩිස්ටි ඩිඩින් කරපු වෙලාවක මේක හොයාගන්න පුලුවන්. ඒක ඉවර වෙලා එයා බාත්රූම් එකට යනකන් ඉදලා ටක්ගාලා සයිස් එක බලාගන්න. තාම ඩිස්ටි ඩිඩින් මට්ටමට ඇවිත් නැත්නම් කරන්න පුලුවන් එක දෙයක් තමා හොද වෙලාවක් බලලා අහන එක. ඔය වගේ දෙයක් අහන්න තරම් කතාව වටපිටාව ගොඩනගාගන්න කොල්ලෙක් දක්ෂ වෙන්න ඕන. බය වෙන්න එපා...හරිම අහිංසක පොඩි ගෑනූ ළමයෙක් අරුනාම දැන් කාලේ කෙල්ලෝ යාලු වෙලා මාසයක් දෙකක් ගියාම කොල්ලා ඕවා කතා කරන එක ගැන එච්චර හිතන්නේ නෑ. ගොඩාක් කෙල්ලෝ කොල්ලෝ sexting - ඒ කියන්නේ සෙක්ස් චැට් වගේ දේවල් පටන් ගන්නේත් ඔන්න ඔය වගේ ප්‍රශන අහලම තමයි. ඔයාගේ බ්‍රා සයිස් එක කීයද? යනවා යන්න මැට්ටා...නෝටි ප්‍රශ්න අහනවා ...මොනවටද ඒවා අහන්නේ ඒවා තාම පොඩියි. ඔන්න ඔය වගේ. ඒත් වැඩේ තියෙන්නේ ඕක අහපු ගමන් එතන තියෙන සප්‍රයිස් ගතිය නැති වෙනවා. ඒක නිසා ඒකත් බැරිනම් මේක තමා කරන්න තියෙන අන්තිම වැඩේ. සාමාන්‍යයෙන් ඔයාගේ ගර්ල්ගේ පියයුරක සයිස් එක ෆුඩ්සිටි එකේ තියෙන කහපාට දොඩම් ගෙඩියක සයිස් එක ට වඩා පොඩියි නම් කප් සයිස් එක A ඇති වෙයි. පියයුරු සයිස් එක දොඩම් ගෙඩියක සයිස් එකම නම් සයිස් B ඇතිවෙයි. එයාගේ පියයුරු ප්‍රමාණය ටිකක් ලොකු අලිපේර ගෙඩියක් වගේ නම් සයිස් C ඇති වෙයි. එතකොට එයා ටිකක් මහත චබී වගේ කෙනෙක් නම් සයිස් D ගන්න. මොකද පියයුරු මහතට පපුවේ විශාල ප්‍රමාණයක පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා. එයාගේ පපුවේ මහත සහ ඉනේ ප්‍රමාණය දළ වශෙයන් හිතලා ගැනලා ටිකක් මහන්සි වෙලා බෑන්ඩ් සයිස් එකයි පෑන්ටි එකේ සයිස් එකයි හිතාගන්න. 


  7. එතකොට දැන් ඊලග ප්‍රශ්නේ මොනවද හොද බ්‍රෑන්ඩ් එක කියන එකනේ. ලංකාවේ දැනට තියෙන මම දන්න හොදම බ්‍රෑන්ඩ්ස් තමයි Amante, Triumphs සහ Gali’s Lingerie. Amante බ්‍රෑන්ඩ් එක ගොඩක් කොලිටි, සහ විවිධ වර්ගයේ නිෂ්පාදන තියෙනවා - ඒ කියන්නේ රේන්ජ් එක වැඩියි. තේරීමක් කරන්න ලේසියි. ඒත් ටිකක් මිල අධිකයි. සාමාන්‍යයෙන් බ්‍රා එකක් රුපියල් 1500 වගේ ඉදන් රුපියල් 6000 දක්වාම තියෙනවා. පෑන්ටීස් රුපියල් 600 වගේ ඉදන් 2000 දක්වා වගේ තියෙනවා. හැබැයි මාර ලස්සනයි, ඇන්දම හරිම කම්ෆර්ටබල්. ට්‍රයම්ප්ස් බ්‍රා සහ පෑන්ටි රේන්ජ් එක ගොඩාක් නැති වුනාට ඒවායේ තියෙනවා ඇගට හරිම පහසු නිෂ්පාදන - දන්නවා ඇතිනේ එයාලා අදින්න ලේසියි ඇන්දම පහසුයි. ඔෆිස් අදින්න වගේ ෆෝර්මල් භාවිතයට  නියමයි ඒවා. එයාලත් මිල අධිකයි. Gali’s අය ටිකක් සාමාන්‍ය මිල ගනන් යටතේ තියෙනවා. එයාලගේත් හොද රේන්ජ් එකක් තියෙනවා. සාමාන්‍ය භාවිතයට එදිනෙදා භාවිතයට එතනින් හොද බ්‍රා එකක් පෑන්ටි එකක් ගන්න පුලුවන්. ඔය තුනම ඇරුණාම සරාගී භාවිතයට හොද ප්‍රඩක්ට් රේන්ජ් එකක් තියෙනවා Midnight divas එකේ. මේකේ තියෙන ලොන්ශෙර්ස් හොදයි සෙක්ස්වලටම. හනිමූන් යනකොට නැත්නම් වයිෆ් එක්ක ටිකක් සේක්ස් එක්ස්පිරිමන්ට්ස් කරන්න එහෙම ලොන්ශෙර්ස් හොයනවානම් මෙන්න තැන. ඒ වගේම බ්‍රා සහ පෑන්ටි හැරුණාම අර මම කියපු අනිත් විවිධාකාර ලොන්ශරේස් සහ male lingeries මෙතන තියෙනවා. ඒ වගේම The Secrets කියන ශොප් එකෙත් ඒ වගේ ප්‍රඩක්ට්ස් තියෙනවා. 


  8. ඔයා තෑග්ගක් දෙනවානම් මම කියන්නේම මේ උඩින් කියපු තැනකින්ම ගන්න උත්සාහ කරන්න. මොකද මම දන්නවා ගෑණු අය මිළ අධික විසිතුරු දේවල්වලට ආසයි. හැමදාම අරන් දෙන්නේ නැහැනේ ඉදලා හිටලා අරන් දෙන එකේ ටිකක් වියදම් වුනාට කමක් නෑ. තමන්ගේ ලොන්ශරේ අතරේ ටිකක් ක්ලාස් එක්ස්පෙන්සිව් බ්‍රා එකක් එහෙම තියෙන එක කෙල්ලකට පොඩි ආඩම්බරයක් - ඊටත් ඒක එයාගේ කොල්ලා හෝ හබියා අරන් දුන්න එකක් වුනාම තවත් මාරයි. ඔයාලා දන්නෙ නැති වුනාට ගොඩාක් කෙල්ලෝ ඔවා තමන්ගේ සහෝදරියන් අතරේ, යාලුවෝ අතෙර් කතාබහ පවා වෙනවා. ඒයි මට අරයා ආමන්තේ එකෙන් එකක් ගෙනත් දුන්නා හලෝ ඒක මාර කම්ෆර්ටබල් වගේ කියනවාමයි. අනිත් එක මේ ගොඩාක් බ්‍රෑන්ඩ්ස්වල promotions තියෙනවා. ඒවයෙන් සාමාන්‍යයෙන් මිල අධික දෙයක් වුනත් ටිකක් අඩුවට ගන්න පුලුවන්. 


  9. දැන් ප්‍රශ්නේ ඕවා ගන්නේ කොහොමද කියලනේ? වැඩේට ලැජ්ජයිනේ? පිරිමිකමට මදි වගේ නේ? නෑ එහෙම හිතන්න එපා. තමන්ගේ කෙල්ලට හෝ වයිෆ්ට මේ වගේ දෙයක් අරන් දෙන්න සාමාන්‍ය පිරිමියෙක්ට බෑ. ඒකට ඕන තමන්ගේ එකී ගැන මාර තේරුම් ගැනීමක් සහ කැපවීමක් තියෙන පිරිමියෙක්. බය නැතිව යන්න. ආමන්තේ සහ ට්‍රයම්ප්ස් ගොඩාක් පිට පළාත්වල ශොප්ස්වල තියෙනවා. ඒ කිව්වේ ඔය නෝලිමිට්, ෆැෂන් බග්ස්, කූල් ප්ලැනට් වගේ ඒවා. එයාලා හම්බයෝ අපිනම් යන්නේ නෑ ඔවට වගේ හිතෙනවනම් නටාගන්න. යනවානම් ඉන්ටර්නෙට් එකේ කියවලා පොඩ්ඩක් ස්ටඩි කරලා ගියොත් හරිම ඉක්මනට ඔයා හොයන දේ ගන්න පුලුවන්. තාමත් ලැජ්ජයි බයයි වගේනම් ඒවා ගන්න උදේ 11 - හවස 3 අතරේ යන්න. ඔය වෙලාවට ඔෆිස් යන කෙල්ලෝ ඔක්කොම ඔෆිස් ඇතුලේ. හැබැයි 12 ත් 1 ත් අතරේ ලන්ච් ටයිම් එක මිස් කරලා යන්න. නැත්නම් යන්න හවස 8 න් පස්සේ ශොප් එක වහන්න ඔන්න මෙන්න තියලා. ඒ වෙලාවට අර කෙල්ලො ඔක්කොම ගෙදර. ඒ වෙලාවට ශොප් එකේ වැඩ කරන කෙල්ලොත් බොහෝ විට ගිහින් කොල්ලෝ ටික විතරයි ඉන්නේ. 


  10. මම විශ්වාසෙන් කියනවා. කොල්ලෙක් ඇවිල්ලා බ්‍රා එකක් පෑන්ටි එකක් තේරුවා කියලා ගොඩාක් අය අමුතුවෙන් බලන්නේ නෑ. මම කූල් ප්ලැනට් වගේ තැන්වල මට ගැලපෙන බ්‍රා එකක් හොයන අවස්ථා එකකදි හෝ දෙකකදි එහෙම කොල්ලෝ ඇවිත් ඒවා තෝරනවා දැකලා තියෙනවා. මම කවදාවත් හිතලා නෑ මේකා මේවා ගන්නේ කෙල්ලටද, ගෑණිටද නැත්නම් මූට අදින්නද කියලා.  කොළඹ රේස්කෝස් එකේ ආමන්තේ ශෝ රූම් එකේ මම මගේ ලොන්ශරේස් තෝරද්දි තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඇවිත් එයාට ලෝන්ශරේස් තෝරගන්න උදව් කරන හොද හැන්ඩි කොල්ලෝ මම දැකලා තියනවා.  මට අන්කම්ෆර්ටබල් හිතිලත් නෑ, මම හිටියා කියලා ඒ කොල්ලෝ අවුල් වෙලත් නෑ. හැබැයි  කොහේ හරි ගොඩේ පළාතක අබ්බ ගොබ්බ කෙල්ලෙක් show room staff හිටියොත් ඒකිට නම් ඕක මැජික් වෙන්න පුලුවන්. නැත්නම් හරි පටු විදියට හිතන ගොන්සන් ඩයල් එකක් හිටියොත් අන්න අරූ කෙල්ලොන්ගේ පෑන්ටි අතගානවා කියලා හිතන්න පුලුවන්. ඒක නිසා හිතේ නුහුරු ගතියක් තියෙනවානම් ටිකක් ක්ලාස් ස්ටාෆ් එකක් ඉන්න ක්ලාස් කස්ටමර්ස්ලා ඉන්නවා කියලා හිතෙන තැනකට යන්න. නැත්නම් ගන්න යන දේ හරියට ගැනෙන්නේ නෑ. 


Bonus point එක - ඔය ගොඩාක් බ්‍රෑන්ඩ්ස් ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවන්. කස්ටමර්ගේ පුද්ගලිකභාවය ආරක්ෂා වෙන විදියට එයාලා ඒක ඩිලිවර් කරනවා. ඒ කියන්නේ පාර්සල් එක එලියෙන් බැලුවම කියන්න බෑ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඒත් මම නම් ආස Show room selection වලට. මොකද අපි සල්ලි ගෙවන්නේ මොන විදියට feel වෙන දෙයකටද - ඒ කිව්වේ ඒකේ ෆැබ්‍රික් එක, ඩිසයින් එක ඔක්කොම අපිට සන්සන්දනය කරලා බලන්න පුලුවන්. මේ ඔයාලා ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ඔන්ලයින් ඔඩර් කරපු එකක් ගෙදරට ඩිලිවර් වුනාම අම්මා හරි අක්කා හරි ඒක ඕපන් කරලා බලන්න ඉඩ තියෙනවා කියලත් ඉතින් මතක තියාගන්න. 


මම මාධවී. මේ මගේ bedroom talks

Image credit: Pickpik


ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 02 - ඔයාගේ කෙනාට සරාගී යට ඇදුම් තෑගි කරන්න ප්ලෑන් කරනවානම් මේ දේවල් 10 කියවන්න. ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 02  - ඔයාගේ කෙනාට සරාගී යට ඇදුම් තෑගි කරන්න ප්ලෑන් කරනවානම් මේ දේවල් 10 කියවන්න. Reviewed by Madhavi's Bedroom Talks on February 21, 2021 Rating: 5

No comments:

Powered by Blogger.