recent posts

Banner-3

ලංකාවේ කෙල්ලන්ට උපදෙස් අංක 03 - ස්වයං වින්දනය දැනගෙන කරන්න උපදෙස් 10 ක්.



01. මම පටන් ගන්නම් මොකද්ද ස්වයං වින්දනය කියන තැන ඉදන්. ස්වයං වින්දනය කියන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ ලිංගික අවයව අතින් හෝ උපකරණයක් භාවිතකරලා තමන්ම ඒවා උත්තේජනය කරගෙන සුරාන්තයක් ලබාගැනීම. සරලව කියනවානම් තමන්ම යවා ගැනීමක්. ඔච්චරයි. සාමාන්‍යයෙන් කාන්තාවක් ලිංගිකව හැසිරීමේදි ආරම්භයේ ඉදන් අවසානය දක්වා - ඒ කිව්වේ සුරාන්තය දක්වා යන රටාවක් තියෙනවා. මේ රටාව පැහැදිලි කරලා ඉන්නම් ඒක දැනගන්න එක වැදගත් ස්වයං වින්දනය කියන්නේ මොකද්ද සහ ඒක කොච්චර වැදගත් වැඩක්ද කියන එක තේරුම් ගන්න. මේ කියන රටාවට අපි කියනවා අදියර 05 ක් තියනවා කියලා. ඒ කොටස් අදියර තමයි 1. Before arousal, 2. Arousal, 3. Plateau, 4. Orgasm, සහ 5. Resolution. මොනවද මේ? Before arousal කියන්නේ සාමාන්‍ය තත්ත්වය. ලිංගිකත්වය ගැන හැගීමක් ඇතිවෙන්නට පෙර යෝනි මාර්ගය සහ යෝනිය තිබෙන ස්වභාවික තත්ත්වය. Arousal අදියර කියන්නේ ලිංගික හැගීමක් ඇතිවෙන අවස්ථාව. මේ අවස්ථාවේදි යෝනිය සහ යෝනි මාර්ගය ආශ්‍රිත රුධිර නාලික පුලුල් වෙලා යෝනිය දිහාවට රුධිර ගමනාගමනය වේගවත් සහ වැඩිවීම, රුධිරය යෝනි බිත්තිවලට ගමන්කිරීම සහ යෝනි ආශ්‍රිත දියර ශ්‍රාවය ආරම්භවීම, ක්ලිටෝරිස් එක සහ යෝනියේ අනිත් කොටස් විශාල වීමකට / නැත්නම් පිම්බීමකට ලක්වීම, සහ යෝනි මාර්ගය පුලුල් වීම වගේ එව්වා මෙව්වා වෙනවා. Plateau අදියරේදි රුධිරය වේගයෙන් සහ අඛණ්ඩව යෝනියේ බාහිර තෝල් වෙත ගලාගෙන යනවා. යෝනිය ආශ්‍රිත ප්‍රදේශ රතු හෝ අදුරු පැහැයක් ගන්නවා ඒ ප්‍රදේශවල රුධිර ගමනාගමනය බහුල නිසා. තව මේ අදියරේදි ක්ලිටෝරිස් එක ඒක වටේ තියෙන ආවරණය (clitoral hood) ඇතුලට ටිකක් විතර කිදාබහිනවා - එහෙම වෙන්නේ එයා අධි සංවේදිවෙලා ඉන්න නිසාත් ලැබෙන ඇගිලි පහරවල් වගේ දේවල් දරාගන්න බැරි තරම් නිසාත්. Orgasm අදියර තමයි ලොකුම එක. ඒකෙදි ලිංගිකත්වය මූලික කරගත් අධික ප්‍රීතියක් දැනීම, බාහිර ලෝකය ගැන තියෙන දැනීම තාවකාලිකව නතරවීම, හිතට ලොකු තෘප්තියක් දැනීම වගේ හැගීම් සහ සංවේදන (Emotions and cognitives) ඇතිවීම සහ යෝනි තොල් හැකිලීම, යෝනිය ආශ්‍රිත සියුම් වේදනාවක් හෝ හිරිවැටීමක් ඇතිවීම, යෝනිය අවට මාංශ පේශි වෙව්ලීමකට ලක්වීම වගේ ශාරීරික සංසිද්දිත් වෙනෝ. Resolution කියන්නේ සියල්ල යථා තත්ත්වයට පත්වෙන අදියර. යෝනිය ආශ්‍රිත ප්‍රදේශවලට රුධිරය ගමනාගමනය සාමාන්‍ය වෙලා හැම දේම කලින් තිබුන තත්ත්වයට ඒ කියන්නේ ආපහු Before arousal තත්ත්වයටම යනවා. 


ඉතින් ඔය කියපු ඔක්කෝම තමන් තනිවම තමන්ගේ ඇගිලි හෝ වෙනත් ඒ වගේ උපකරණයක් භාවිතකරලා සිදුකරගැනීම තමයි ස්වයං වින්දනයේදි වෙන්නේ. 


02. ගෑණු ළමයි ස්වයං වින්දනයේ යෙදීම සාමාන්‍ය දෙයක්ද? උත්තරය ඔව්. ලෝකය පුරා කරපු පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් ගැහැණුන් 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ම මේ විදියට ස්වයං වින්දනය කරනවා කියලා. බටහිර රටවලනම් ගැහැණු ළමයි පිරිමි ළමයින් තරම්ම ඉක්මනින් ස්වයං වින්දනයට යොමු වෙනවා - ඒ කියන්නේ වයස අවුරුදු 11  - 14 කාලෙය්දි පවා. ලංකාව වගේ ගෑණු ළමයි ගේ මුල්ලේ හෝ ලිප ලග තියලා හදන සමාජවල මේක වෙනස් වෙන්න පුලුවන්. මෙහේ ගෑණු ළමයි එහේ ගෑණු ළමයි තරම් ස්වයං වින්දනයට යොමු වෙන්නේ නැතිව ඇති. ඒත් ඒකට හේතුව ලොකු ළමයෙක් වුන දවසේ ඉදන්ම ඔයාලාට දීලා තියෙන වැරදි ලිංගික අධ්‍යාපනය මිසක් ඔයා අසාමාන්‍ය ගෑණු ළමයෙක් හෝ අනෙක් ගෑනු ළමයින්ට වඩා නරක ගැහැණු ළමයෙක් වීම නෙවෙයි හොදේ. 


එතකොට ස්වයං වින්දනය නිසා ඔයාගේ වර්ජිනිටි එක නැති වෙන්න පුලුවන්ද? මම මෙහෙම උත්තර දෙන්නම්. වර්ජිනිටි එක කියන්නේ physical හෝ medical දෙයක් නෙවෙයි. ඒක cultural දෙයක්. ඒක තියෙන්නේ ඔයාගේ හිතේ. ඒ නිසා ඔයා ස්වයං වින්දනයේ යෙදුනා කියලා ඔයාගේ වර්ජිනිටි එක නැති වෙන්නේ නෑ. ඔයා හොද ගෑණු ළමයෙක්. එතකොට ස්වයං වින්දනය නිසා ඔයාගේ කන්‍යා පටලයට නැත්නම් vaginal corona එකට හානි වෙන්න පුලුවන්ද? කොරෝනා කිව්වේ අර ලෙඩේ නෙවෙයි. ඒක Hymen කියන එකට යෙදෙන වෙනස් විද්‍යාත්මක වචනයක්. (මේ vaginal corona කියන යෙදුම 2009 දි භාවිතයට ගෙනාවේ කන්‍යා පටලය හා බැදුණ නොයෙක් අවිද්‍යාත්මක මත සමාජයෙන් ඉවත් කරන්න ඕනේ කියලා හිතපු ස්වීඩන් කණ්ඩායමක්). ඒකට උත්තරේ ඔව් ඔයා යෝනිය ඇතුලට ඇගිලි හෝ වෙනත් උපකරණයක් ඇතුල් කරොත් එහෙම වෙන්න පුලුවන්. හැබැයි මොකද්ද දන්නවද වැඩේ? ස්වයං වින්දනය කියන්නේ ඒ විදියට යෝනිය ඇතුලට මොකක් හරි දෙයක් දාගන්නේ නැතිව වුනත් කරන්න පුලුවන් ජොලිම ජොලි වැඩක්. ඒ නිසා ඇතුලට දාගන්න එක පස්සට තියලා මේක කරන්න (පස්සට කිව්වේ පස්සේ කාලෙක). 


03. එතකොට ස්වයං වින්දනය නිසා ඔයාට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ද? ඔව් පුලුවන්. ඔයා ස්වයං වින්දනයේ යෙදෙන අවස්ථාව වෙනකොට අත් අපිරිසිදුව තිබුනොත් එහෙම නැත්නම් පාවිච්චිකරන උපකරණ / සෙක්ස් ටෝයිස් වගේ දෙයක් අපිරිසිදුව තිබුනොත් ඒවා හරහා විශබීජ ශරීරගත වෙලා ලෙඩ රෝග හැදෙන්න යම් සම්භාවිතාවයක් තියෙනවා. මේවට අපි කියනවා infections කියලා. නමුත් මතක තියාගන්න යෝනිය සහ යෝනි විවරය ආශ්‍රිතව ආම්ලිකබව ඉතා අධිකයි. එහෙම හැදිලා තියෙන්නේ මේ විවරය හරහා රෝගකාරක බැක්ටීරියා එහෙම ශරීරගතවීම වලක්වන්න. ඒ නිසා ස්වයං වින්දනයකරපු නිසා infection එකක් හැදෙන්න තියෙන්නේ හරිම අඩුම අඩුම අඩු සම්භාවිතාවයක්. ඒ වගේම ස්වයං වින්දනය කරද්දි නියපොතු වැදිලා තුවාල වෙන්න හෝ වේගයෙන් පිරිමැදීම නිසා යෝනිය ආශ්‍රිතව තැලීම් වගේ දේවල් ඇතිවෙන්න පුලුවන්. මේ හැමදේම ඇරුණාම iritations ඒ කියන්නේ ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා ලුබ්රිකන්ට් එකක් විදියට පාවිච්චි කරන යම් ද්‍රව්‍යයකට ශරීරය ආසාත්මික (Alergic) වීම වගේ දේවල්. එතකොට ස්වයං වින්දනය නිසා සමාජ රෝග ඇතිවෙන්න පුලුවන්ද? පුලුවන් ඔයා ඒ වගේ සමාජ රෝග තියෙන පුද්ගලයෙකුගේ ලිංගික අවයව අල්ලලා ඊට පස්සේ ස්වයං වින්දනය කරොත් විතරක්. නැත්නම් නෑම තමයි. මේ විදියේ දේවල් සිදුවීමේ සම්භාවිතාවය හරිම අඩුයි. ඒ නිසා ස්වයං වින්දන කරා කියලා ලෙඩක් හැදෙන්නේම නෑ කියලා හිතාගත්තත් කමක් නෑ. අනිත් පැත්තෙන් ස්වයං වින්දනය උදව් වෙනවා ශරීරයේ රුධිර ගමනාගමනය කාර්යක්ෂම කරන්න - මේක දායක වෙනවා හෘද රෝග අවම කරන්න. ස්වයං වින්දනය ශරීරය තුළ සතුට ඇතිකරවන හෝමෝන, ඒ කිව්වේ endorphins වගේ ඒවා (අපි කියනවා මේවට feel good chemicals කියලා) නිදහස් කරනවා. ඒ නිසා ස්වයං වින්දනය stress reliever එකක් (මේවා ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු තත්ත්වයන්). ඒ වගේම ස්වයං වින්දනය කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්‍රිත ආසාදන (cervix imfections) වලක්වන්නත් urinary tract infections එහෙමත් නැත්නම් මුත්‍රා ආසාදන වලක්වන්නත් දායක වෙනවා කියන එක පිළිගත් වෛද්‍ය මතයක්. 


04. සවයං වින්දනය ශරීරයට හෝ මනසට නරක දෙයක්ද? නෑ ස්වයං වින්දනය කිසිසේත්ම ශරීරයට හෝ මනසට නරක දෙයක් නෙවෙයි. ඒක ලෝකයේ අති බහුතරයක් පිරිමි සහ ඒ තරම්ම ප්‍රමාණයක් ගැහැණු විසින් කරන සාමාන්‍ය ස්වභාවික සිද්ධියක්. නමුත් මතක තියාගන්න ස්වයං වින්දනයට සීමාවක් තිබිය යුතුයි. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි කීවතාවක් කරොත්ද ස්වයං වින්දනය නරක කියන එක? පිරිමි ළමයි ගොඩාක් වෙලාවට අහනවා දවසට දෙපාරක් කරනවා වැඩිද? සතියකට මෙච්චර කරනවා වැඩිද කියලා. පිරිමි ළමයින්ටවත් ගැහැණු ළමයින්ටවත් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ස්වයං වින්දනය කරන සීමාව තීරණය වෙන්න ඕන ඔබේ වයස, දවසේ කරන වැඩ සහ ඔබට ඇත්තටම ලිංගිකත්වය අවශ්‍යද කියන ප්‍රශ්න උඩ. ඔබ තරුණ වයසේ ඉන්න කෙනෙක්නම් ලිංගිකත්වය ගැන උනන්දුව හෝ උත්තේජනය වැඩියිනම් සාපේක්ෂව ස්වයං වින්දනය කරන්න අවශ්‍යවන වාර ප්‍රමාණය වැඩිවෙන්න පුලුවන්. එහෙම වැඩි වුනා වුනත් ඔයා ස්වයං වින්දනය පුරුද්දක් කරගෙන හෝ ඒ නිසා තමන්ගේ වැඩ පාඩු කරගන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයාගේ ජීවිතය විදින්න තියෙන එකම දේ ස්වයං වින්දනය විතරයි වගේ හිතාගෙන ඒකම කර කර ඉන්න එපා. ක්‍රීඩාව, චිත්‍රපට බැලීම, පොත්පත් කියවීම වගේ වැඩුණු පරිණත ගැහැණු ජීවිතයක විනෝදය වෙනුවෙන් තියෙන අනිත් ක්‍රම අතරේ මේකත් එකක් කරගන්න. මේ කරුණු ගැන මම ලියපු විස්තරාත්මක පෝස්ට් එකක් තියනෙවා. ඒකත් කියවලා ඉන්න මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් -> https://bit.ly/36vcwkC 


05. තවත් පැත්තකින් බැලුවම ස්වයං වින්දනය කියන්නේ investment එකක්. ඒක මෙහෙමයි. කවදාවත් ස්වයං වින්දනය අරමුණු කරගෙන තමන්ගේ ඇගේ තැනක් අල්ලලා මිරිකගෙන නැති ගෑණු ළමයෙක්ගේ කසාදයක් ගැන හිතන්න. මේ ගෑණු ළමයා තමන්ගේ ඇග ඇවිස්සිලා පිස්සු වැටිලා යන්නනම් පිරිමියෙක් අල්ලන්න ඕන තැන් ගැන දන්නේ නෑ. තමන්ට සුරාන්තයක් ලැබෙන්නේ කොතනට මොන විදියට කරාමද කියලා එයා දන්නේ නෑ. තමන් වැඩියම ආස රැවුල් කොටවලින් වැහුන තොල් දෙකක් මොන තැන්වලට ටච් වෙනකොටද කියලා ඒ අසරණීට අදහසක් නෑ. බැදපු දවසේ පළවෙනි රෑම එයාට කියලා මෙන්න මෙතන කිස් කරගන්න ඕන වගේ වල් හීන එයාට නෑ. හස්බන්ඩ් කරලා දෙන දෙයක් බාර අරගෙන ඒක තමයි සෙක්ස් කියලා ඉන්නවා. හස්බන්ඩත් එපා වෙනවා කිසිම අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න ඕන කියන හැගීමවත් වයිෆ්ට නෑනේ අප්පා කියලා හිතුනම. මේ කෙල්ල ජීවිත කාලේම කන්නේ බතුයි අලයි පරිප්පුයි මාලුයි චිකනුයි සැමනුයි පලායි විතරයි. ඒ ඇරුනම ලෝකේ තව එක එක මෙනූස් තියෙනවා ඒවා එක එක රසයි කියලා දන්නෙවත් නැතිව එයා දවසක වයසට ගිහින් මැරිලා යනවා. ස්වයං වින්දනය කියන්නේ අභ්‍යන්තර ලිංගික හැසිරිමක්, එහෙම හැසිරීමකින් කන්‍යාභාවය නැතිකරගැනීමක්, ඒත් නැත්නම් මෙලෝ රහක් නැති වසල පිරිමියෙක්ගේ ඇගට යටවීම වගේ භයානක අත්දැකීම් නැතිව ඔයාගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න අවස්ථාවක්. එහෙම නැත්නම් ඔයාගේ ඇග ලිංගිකත්වයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අවස්ථාවක්. අනිත් පැත්තෙන් ලිංගික සම්බන්ධයක් ඇතුලේ ගොඩාක් කාන්තාවන්ට සුරාන්තයක් ඇතිකරගන්න බැරිවෙන්න පුලුවන්. මේක සාමාන්‍ය තත්ත්වයක්. මෙහෙම වෙන්නේ තමන්ට සුරාන්තයක් ලැබෙන්නේ කොහොමද කියන අවබෝධය කාන්තාවට නැති නිසාත්...තමන්ගේ කෙනාට සුරාන්තයක් දෙන්න ඕන කොහොමද කියන එක පිරිමින්ට තේරුම් ගන්න කාලයක් යන නිසාත්. ඒ නිසා ලිංගික සම්බන්ධයක් සාර්ථක වෙන්න තමන්ගේ සිරුර ගවේෂනයකරලා සිරුර ලිංගිකත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉගෙනෙගන ඉදීමත් වැදගත්. 


06. ගැහැණුන් ස්වයං වින්දනය කරන එකේ තියෙන තවත් එක වාසියක් තමයි Menstrual cramps එහෙම නැත්නම් ඔසප් වේදනාවන් අඩුකරගන්න ස්වයං වින්දනය උපකාර වෙනවා කියන එක. මේක මම පුද්ගලිකව දන්න දෙයක්. මේ ඔසප් වේදනා කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පිරිමි ළමයිත් කියවන්න දවසක ඔයාලෙග් ජීවිතේ බෙදා ගන්න කෙනා මාසෙකට සැරයක් විදින වේදනාවක් ගැන ඔයාලත් හරියට දැනගෙන ඉන්නම ඕන. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පිහිටලා තියෙනවා endometrium lining කියලා ස්ථරයක්.. මේ ස්ථරය උඩ තමයි ඩිම්බයක් සංසේචනය වෙලා කලලයක් නිර්මාණය වෙන්නේ. ඒක කලලයකට පෝශක ප්‍රදේශයක්. ඒක හරියට ගහකින් වැටනෙ ඇටයක් පැලවෙන්න සුදුසු පොහොර පිරුණු පොලවක් වගේ. ඒත් ගැබ්ගැනීමක් සිදු නොවුනාම මේ කියන endometrium ස්ථරය කියලා හදුන්වන පෝශක ප්‍රදේශය ගලවලා ඉවත් කරන්නත් එහෙම ඉවත් කරලා අලුත් පෝශක ප්‍රදේශයක් - නැත්නම් අලුත් endometrium ස්ථරයක් හදන්නත් ගැහැණු ශරීරය යොමු වෙනවා. මේ විදියට ඉවත්කරන endometrium ස්ථරය තමයි මාසයකට වරක් රුධිරය සමග යෝනි මාර්ගය හරහා පිට වෙන්නේ. ඒකට තමයි අපි මාසික ඔසප්වීම කියන්නේ. ඉතින් මේ මාසික ඔසප්වීම සිදුවෙන්න නියමිත වුනාම ශරීරය නිදහස් කරනවා Prostaglandin කියලා හෝමෝන වගේ රසායනයක්. මේක අපේ ශරීරයේ හැම පටකයක් ආශ්‍රිතවම නිෂ්පාදනය වෙන රසායනයක්. වැඩේ තියෙන්නේ ඒවා නිදහස් වුනාම ගර්භාෂය යම් ප්‍රමාණයකින් හැකිලෙනවා. එහෙම හැකිලෙන්නේ අර උඩින් කියපු endometrium ස්ථරය ගැලවීම ඉක්මන් වෙන්න. ඉතින් ගර්භාෂයට ඔය වැඩේ සද්දයක් බද්දයක් නැතිව වැඩි කලබලයක් නැතිව කරන්න පුලුවන්නම් හොදයි - ඒත් එහෙම වෙන්නේ නෑ. මොකද අර උඩින් කියපු ගර්භාෂය හැකිලීම වෙද්දි ඒක වේදනයි. ඒකට තමයි ඔසප් වේදනා කියන්නේ. මේ කාලය ගැහැණුන්ට ලොකු වේදනාවක් දැනෙන මානසිකව අසමබර කාලයක්. ඉතින් දැන් උඩින් කිව්වනේ ස්වයං වින්දනය හරහා endorphins කියන හෝමෝනය නිෂ්පාදනය වෙනවා කියලා - මේක අපේ stress එක නැතිකිරීමට අමතරව යම් ප්‍රමාණයකට ශරීරයේ වේදනාව අඩු කරන්නත් දායක වෙන හෝමෝනයක්. ඒ නිසා ස්වයං වින්දනයේ යෙදීම සැලකිය යුතු ප්‍රමාණයකින් ඔසප් වේදනා අඩු කරන්නත් උදව් වෙනවා.


(මේකෙන් අදහස් වෙන්නේ නෑ අසාමාන්‍ය මට්ටමේ අධික ඔසප් වේදනා අවම කරන්න ස්වයං වින්දනය කරන්න කියලා. ඔයාට දරාගන්න බැරි මට්ටමේ ඔසප් වේදනාවන් ඇතිවන අවස්ථාවක වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි).  


07. දැන් ඔය ගෙඩාක් පිරිමි ළමයින්ටනම් තියෙන්නේ එයාලගේ අරක අතගාගෙන යවාගන්න එක විතරනේ. එහෙමද ගෑණු ළමයින්ට. අපිට ස්වයං වින්දනය කරන්න පුලුවන් විදි 05 ක් තියනෝ. ඒවා clitoral, vaginal, anal, combo සහ errogenous zone කියලා නම් කරන්න පුලුවන්. සරලව කියනවානම් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරයේ මොන කොටස මූලික කරගෙනද කියන එක අනුව තමයි මේ 05 හැදෙන්නේ. Clitoral ස්වයං වින්දනය කියන්නේ නමින්ම කියවෙන විදියට මූලික වශයෙන්ම ක්ලිටෝරිසය එහෙම නැත්නම් ක්ලිට් එක ඇගිලිවලින් / උපකරණයකින් පිරිමැදීම හරහා ස්වයං වින්දනය යෙදීම. මේක කරද්දි ශරීරයේ වෙන තැන් මොකුත් අල්ලන්නේ නෑ ක්ලිට් එකට විතරයි ඔක්කොම සෙල්ලම් කියලා දෙයක් නෑ හොදේ. ඕන තැනක් අල්ලගන්න...නමුත් ඔයා සුරාන්තයක් ලබා ගන්නේ මූලික වශයෙන්ම ක්ලිට් එක සන්තර්පනය කරගැනීමෙන්. Vaginal ස්වයං වින්දනය කියන්නේ යෝනිය ඇගිලිවලින් / අතින් / සෙක්ස් ටෝයි එකකින් සන්තර්පනය කරගෙන ස්වයං වින්දනයේ යෙදීම. Clitoral ස්වයං වින්දනය බාහිරින් වින්දනයක් ලබාගැනීමක් වුනාට Vaginal ස්වයං වින්දනයට යෝනිය ඇතුළට ඇගිලි හෝ වෙනත් යමක් දාගැනීමත් ඇතුළත්.  Anal ස්වයං වින්දනය කියන්නේ ඇගිලි / අත / සෙක්ස් ටෝයි එකකින් තමන්ගේ ගුද මාර්ගය සන්තර්පනය කරගෙන ස්වයං වින්දනයේ යෙදීම. Combo ස්වයං වින්දනයෙදි අවස්ථාවෙන් අවස්ථාව ඔයා ස්වයං වින්දනයට මූලික ඉලක්කය කරගන්නේ ශරීරයේ මොන කොටසද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම පූර්ණ සුරාන්තයක් ලබාගන්න ක්ලිට් එක යෝනිය වගේ අංග කිපයක්ම වරින් වර සන්තර්පනය කරගන්නත් ඕන වෙන්න පුලුවන්. errogenous zone ස්වයං වින්දනය කියන්නේ වෙනස්ම දෙයක්. සාමාන්‍යයෙන් අපි කියනවා ගැහැණුන්ගේ මුලු ඇගම සෙක්ස්වලට උල්පතක් කියලා. ඒ කියන්නේ ගැහැණියකට ලිංගික උත්තේජනයක් ලබන්න පුලුවන් ශරීරයේ ඕනෑම තැනකින් (මේවට අපි කියනවා errogenous zone කියලා). විශේෂයෙන් පියයුරු, තනපුඩු වගේ දේවල් සන්තර්පනයකිරිමෙන්. ඒ නිසාම ලෝකය පුරා ගැහැණු ඉන්නවා එයාලට ස්වයං වින්දනය කරන්න පුලුවන් මේ මොකක් හරි errogenous zone එකක් සන්තර්පනය කරගැනීමෙන්. එහෙම කරන සුලබම විදියක් තමයි පියයුරු සන්තර්පනය කරගැනීමෙන් ස්වයං වින්දනයේ යෙදීම. මතක තියා ගන්න ලෝකයේ ගැහැණුන්ගෙන් ඉතාම සුලු ප්‍රමාණයක් තමයි යෝනිය හරහා ලිංගික තෘප්තියක් ලබන්නේ. ස්වයං වින්දනය වේවා ලිංගිකව හැසිරීම වේවා ගැහැණුන්ට ලොකුම තෘප්තිය ලැබෙන්නේ ක්ලිට් එක සන්තර්පනය වීම හරහා. ඒ නිසා බොහෝ විට ඔයාට ගැලපෙනම ක්‍රමය Clitoral ස්වයං වින්දනය වෙන්න තියෙන ඉඩ ගොඩාක් වැඩියි. 


08. මුල් කාලේ තමන්ට හොදටම ගැලපෙන ස්වයං වින්දන ක්‍රමය හොයා ගන්න වගේම හිතේ තියන ලැජ්ජාව සහ චකිතය පැත්තකින් තියලා ස්වයං වින්දනයට යොමු වෙන්නත් හොදම ක්‍රමයක් තමයි තමන්ගේම සිරුර ගවේෂණයකිරීම. ඔයාගේ කාමරේ හොද ලොකු කණ්ණාඩියක් තියෙනවානම් මේක තමයි ඔය කියන ගවේෂණයට හොදම මාර්ගය. ගෙදර කවුරුවත් නැති වෙලාවට, එහෙම නැත්නම් කාමරේ තමන් තනියම ඉන්න වෙලාවට දොර එහෙම වහලා ඇවිත් මේ කණ්ණාඩිය ඉස්සරහා ටිකක් නිරුවත් වෙලා බලන්න. බලන්න ඒකෙන් පේන ගැහැණු ඇගපත ඉස්සරහා දවසක පිරිමියෙක් අනුරාගී වෙන විදිය, පිරිමියෙක් දවසක ඒ අගපසග සිපගන්න විදිය වගේ දේවල් චුට්ටක් හිතින් මවා ගන්න. එහෙම නැත්නම් සෙක්ස් සම්බන්ධව ඔයාට තියෙන යම් අත්දැකීමක් මතක් කරගන්න. උදාහරණයක් විදියට එදා ෆිල්ම් හෝල් එකේ බැල්කනි එකේ ඉදිද්දි කොල්ලා පිස්සුවෙන් වගේ ඇදුමට උඩින් පියයුරු ඉඹින්න හදපු විදිය මතක් කරගන්න. ඔය අගපසග පිහිටලා තියෙන විදිය ටිකක් අල්ලලා කරලා බලන්න. කණ්ණාඩිය ඉස්සරහා වාඩි වෙලා ටිකක් කකුල් ඈත් කරලා බලන්න. ඔන්න එතකොට ඔයාලට හැගීමක් ඒවි ඒ පේන සමහර තැන් අල්ලලා බලන්න, පිරිමදින්න, ඇගිල්ලෙන් හෝ අතින් අත ගාන්න වගේ දෙයක් කරන්න. මේක තමයි ගැහැණු ළමයෙක් ස්වයං වින්දනයට යොමු වීමේ පළවෙනි පියවර. 


09. දැන් ඊලග ප්‍රශ්නේ තමන්ගේ ක්ලිට් එක හෝ යෝනිය හෝ මේ ඕනම තැනක් සන්තර්පනය කරගන්නේ - ඒ කියන්නේ සරලවම නම් ස්වයං වින්දනය කරන්නේ කොහොමද කියන එක. මේකට එක එක ගෑණු ළමයට එක එක විදි තියෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මට එක් අවස්ථාවක කතා කරන්න ලැබුණ එක් ගැහැණු ළමයෙක් ස්වයං වින්දනය කරන විදිය වුනේ තමන්ගේ කලවා දෙක එක දිගට වේගෙන් ඈත්කිරීම හා ලංකිරීම හරහා යෝනි ප්‍රදේශය දිගින් දිගටම තද කරගැනීම. අතින් හෝ සෙක්ස් ටෝයි එකක් හෝ වෙනත් ආදේශක භාවිත කරලා අදාළ තැන් පිරිමැදීම තවත් ක්‍රමයක්. Humping ඒ කිව්වේ කොට්ටෙක හේ වෙනත් ඒ වගේ සැහැල්ලු දෙයක උඩ වාඩිවෙලා යෝනිය ඒක උඩ ඇතිල්ලීම වගේ ක්‍රමත් තියෙනවා. ඔයා ආස කරන ක්‍රමය තමයි ඔයාට ගැලෙපනම ක්‍රමය. අපි කියනවා clitoral ස්වයං වින්දනය සදහා සුදුසුම ක්‍රමය ඇදක හාන්සිවෙලා ඉන්න ඉරියව්වෙන් හිදිමින් ක්ලිට් එක වටේ සහ ඒ මත තමන්ගේ ඇගිලිවලින් නිශ්චිත රටාවකට අතුල්ලා ගැනීම. අපි ගැහැණු පිරිමි අය දෙගොල්ලන්ටම කියන දෙයක් තමයි හොද ස්වයං වින්දනයක් ලබා ගන්න තමන්ට නුහුරු අත පාවිච්චි කරන්න කියලා. ඒ කිව්වේ ඔයා දකුණත හුරු කෙනෙක් නම් වම් අත පාවිච්චි කරන්න. මේකෙන් ඔයාට නුහුරු බවක් එහෙම නැත්නම් අදාල ලිංගික සන්තර්පනය වෙන කෙනෙක්ගෙන් ලැබෙන බවක් දැනේවි. ඒක හරි ෆවර්ෆුල්. ඒ වගේම vaginal ස්වයං වින්දනය කරන්න පහසුම ඉරියව්ව තමයි ඇදිනැති පුටුවක වාඩිවෙලා කරන එක, නැත්නම් ඇදේ දණ නමාගෙන තමන්ගේ කකුල් උඩ වාඩිවෙලා අත පාවිච්චිකරීම. ඔයා ආස anal ස්වයං වින්දනයටනම් වඩාත්ම පහසු ඉරියව්ව වේවි මුනින් අතට ඇදේ හාන්සි වෙලා ඔයාගේ පස්ස පැත්ත උඩට උස්සගෙන - සරලවනම් ඩොගී ස්ටයිල් එකට ඉන්න එක. ඒ වගේම මතක තියාගන්න මේ හැම වතාවකම - විශේෂයෙන් සෙක්ස් ටෝයිස් වගේ දේවල් භාවිත කරනවානම් ලිහිසිකාරකයක්, ඒ කියන්නේ අදාළ අවයවයේ වියළි ස්වභාවය නැති කරලා තෙත් ගතියක් දෙන ද්‍රව්‍ය භාවිතකිරීම හැම අතින්ම හොදයි. එහෙම දේවල් භාවිතය ස්වයං වින්දනය පහසු කරනවා වගේම අපි බලාපොරොත්තු නොවන හැගීම් උද්දීපනය කරන්නත් හේතු වෙනවා. විශේෂයෙන් clitoral හෝ vaginal ස්වයං වින්දනය කරද්දි ස්වභාවික විදියට ඔයාගේ යෝනිය සහ ඒ අවට තෙත් වීම වෙන්නේ නැත්නම් අවම වශයෙන් කෙල හෝ පාවිච්චි කරන්න. අම්මෝ මේ ඔක්කොම කරන්න ඕනද කියලා හිතෙනවද? නිකන් නුහුරුයි වගේද? එහෙම හිතන්න එපා. මේ කිසිම දෙයක් නරක දේවල් නෙවෙයි - මේ හැම දේම ඔයාගේ ශරීරය ලෝකයේ කාටවත් කරදරයක් නොවී ඔයා ආසම විදියට සන්තර්පනය කරගැනීමේ උත්සාහයක අහිංසක කොටස් විතරයි. 


10. ගොඩාක් අය කරන වැරදි දෙයක් තමයි හරිම ඉක්මනට ස්වයං වින්දනය කරලා ඉවර කරගන්න එක. මේක පිරිමි ළමයින් අතර ගොඩාක්ම තියෙන දෙයක්. විනාඩි දෙනෙක් වැඩේ ඉවර කරගන්නවා. මගේ අදහස මේක අනාගතයේදි ගොඩාක් බරපතල ප්‍රශ්න ඇතිකරන දෙයක් කියන එක. ස්වයං වින්දනය කියන්නේ සෙක්ස් stimulation එකක් කියලා කිව්වනේ මුලින්ම. ඒ වගේම ඒක simulation එකක්. මොකද්ද simulation එකක් කියන්නේ? යම් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලය දැකගන්න ඒ සංකිර්ණ ක්‍රියාවලිය අනුකරණය කරලා හදපු සරල ක්‍රියාවලියක්. පයිලට්ලා වෙන්න ඉන්න අය දන්නවා එක පාරටම එයාලා ගුවන් යානයක් ඇතුලට දාලා හා පැදපන් කියන්නේ නෑ. ඒ වෙනුවට එයාලා flight simulator එකක ට්‍රේන් කරවනවා. මේ සිමියුලේටර් එකෙන් ලොකු අවදානමක් නැතිව ගුවන් යානයක් පැදවීම හුරු වෙන්න පුලුවන්. එතකොට ඔයා සිමියුලේටර් එක කරන විදියට තමයි දවසක ගුවන් යානය හසුරවන්නෙත්. මෙකද පුරුද්ද එන්නේ සිමියුලේටර් එකෙන්නේ. ඔය ජපානේ එහෙම ඩ්‍රයිවින් ලයිසන් එක දෙන්නත් සති තුනක් ඩ්‍රයිවින් සිමියුලේටර් එකක පුහුණු වෙන්න ඕනනේ. ඒ පුරුද්ද එච්චරට වැදගත්. දැන් මේ කතාවේ ෆ්ලයිට් සිමියුලේටර් කියන එකට ස්වයං වින්දනය කියන දේත් ගුවන් යානයක් පැදවීම කියන දේට ලිංගික එකතුවීම කියන දේත් ආදේශ කරලා හිතන්න. ඔයා ඉක්මනින් ස්වංය වින්දනය කරලා ඉවර කරන්න යොමු වෙනවා නම් පස්සෙ කාලෙක ඔයා ලිංගිකව හැසිරෙන ආකාරය නිර්වචනය වෙන්නෙත් ඒ කියන ඉක්මන ඇතුලෙමයි. තමන්ගේ ඇගේ අනෙත් කොටස්වලට ගොඩාක් වෙලා ආදරය දැක්වීම වෙනුවට ඔයා ටික ටික එක තැනක් විතරක් අතින් තෙරපගෙන ඉක්මනට එකක් කරගන්න යොමු වෙන්න පුලුවන්. මේක ඉතින් පස්සෙ කාලෙක ප්‍රශ්නයක් වෙයි. හිතන්න හබී කැමති ඔයාගේ ඇග හැමතැනම තොල්වලින් තෙමලා නිවී සැනසිල්ලේ ලොකු වැඩේට එන්න. ඒත් ඔයාට ඉවසිල්ලක් නෑ අතනට තෙරපීමක් පහරදීමක් වෙනකන්. තව එයා කැමතියි එයා ඔයාට කරන දේවල්ම ඔයාත් එයාට කරනවානම්. ඒත් ඔයාට ඒවාට වෙලාව නෑ. ඔයාට ඕන අතනටමයි. ප්‍රතිඵලය වෙන්නේ සේක්ස් ක්‍රියාවලිය ඇතුලේ ඔයා නොසන්සුන් වෙලා ඒක හරියට විදින්න අමතක වෙන එක. ඒ නිසා පුලුවන් තරම් ස්වයං වින්දනයට වෙලාව ගන්න. ගැහැණියකට ලිංගික තෘප්තියක් ලැබීම අදියර 05 ක් විදියට පෙන්නුවා මේ පෝස්ට් එක පටන් ගනිද්දිම. ඒකෙනුත් අදහස් වෙන්නේ හොද සුරාන්තයක් ලබාගැනීම කියන්නේ ශරීරයට යම් කාලයක් යන සංකීර්ණ ක්‍රියාවලියක්. දඩිබිඩියේ කරන්න පුලුවන් ඒත් කරාට වැඩක් තියෙයිද ? අඩුම තරමේ ඕකට පැය භාගයක් විනාඩි 45 ක් වත් ගන්න. මේක රේස් එකක් නෙවෙයි එන්ජෝයි කරන්න තියෙන දෙයක් කියන එක අමතක කරන්නම එපා. 



Bonus point එක - බෝනස් පොයින්ට් එක ඇත්තටම ගෑණු ළමයෙක්ට උපරිම සුරාන්තයක් ලැබෙන විදියට ස්වයං වින්දනය කරන්න පුලුවන් ටෙක්නික්ස් 03 ක්. පළවෙනි එක Scissors sisters කියලා ටෙක්නික් එකක්. මේක ජීවිතේ එකම එක පාරක් හරි ට්‍රයි කරලා බලන්න. මේක ඔයා ගොඩාක් ආස වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. කරන්නේ මෙහෙමයි. දබර ඇගිල්ල සහ මැදගිල්ල හදා ගන්න V අකුරක් විදියට. ඊට පස්සේ ඇගිලි දෙක පහලට හරවලා බාහිර යෝනි තොල් දෙක ඒ ඇගිලි දෙකෙන් මැදි කරගන්න. දැන් මේ ඇගිලි දෙක තද කරගන්න ගමන් යෝනි තොල් දෙක මැදි කරගෙන උඩට පහලට ගෙනියන්න..ඒ ගෙනියද්දි ක්ලිට් එක තෙරපන්න ඒකත් මැදි කරගන්න මතක තියාගන්න.ඔයාගේ ඇගිලි දෙකට මැදි වෙලා යෝනි තොල් දෙක තැලිලා පොඩිවෙලා යන්න අරින්න. කරලා බලන්නකෝ. දෙවෙනි එක Princess and Pea කියන ටෙක්නික් එක. මේක භාවිත වෙන්නේ ක්ලිටෝරල් ස්වයං වින්දනයට. ඇගිලි තුඩ චුට්ටක් විතර තෙත් කරලා ගන්න. අරගෙන පුංචි බෝන්චි ඇටයක් (කොල්ලෝ කියන විදියට නම් මෑ ඇටයක්) ඇගිල්ලෙන් එහෙ මෙහෙ කරනවා වගේ ක්ලිට් එක එහා මෙහා කරන්න. ඊට පස්සේ ක්ලිට් එකේ කෙලවර ඇගිලි තුඩින් රවුමට අතගාන්න. ඔය දෙක සැරින් සැරේ කරන්න. තුන්වෙනි ටෙක්නික් එක තමයි wiggle ටෙක්නික් එක. ඇගිලි දෙකක් හෝ තුනක් තියාගන්න බාහිර යෝනි තොල් උඩ. තියලා තද කරගන්න...දැන් අත ඉවතට ගන්නේ නැතිව වේගෙන් අත මැණික් කටුව ලගින් හොලවන්න. ඕනනම් රිද්මයකට හොලවන්න සිරස් අතට දෙකක් ඊලගට තිරස් අතට තව දෙකක් වගේ. ඒ හෙලවෙන්න ඕන අර ඇගිලි දෙකත් ඒ ඇගිලි දෙකට යට වෙලා තියෙන යෝනියත් ඔක්කොම හෙලවෙන ගමන්. මේ ටෙක්නික් තුනම කරද්දි මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ ඉවර කරන්න හදිස්සිය ආවම වේගෙන් කරන්න. 


මම මාධවී. මේ මගේ bedroom talks

Image Credit: Medical News Today


ලංකාවේ කෙල්ලන්ට උපදෙස් අංක 03 - ස්වයං වින්දනය දැනගෙන කරන්න උපදෙස් 10 ක්. ලංකාවේ කෙල්ලන්ට උපදෙස් අංක 03 - ස්වයං වින්දනය දැනගෙන කරන්න උපදෙස් 10 ක්. Reviewed by Madhavi's Bedroom Talks on February 28, 2021 Rating: 5

No comments:

Powered by Blogger.