recent posts

Banner-3

Your Vulva 101 - ක්ලිටෝරිසය ගැන කියවමු



Your Vulva 101 ලිපිවල පළවෙනි එක දවස් දෙකකට කලින් දාලා යෝනිය, යෝනි මාර්ගය සහ ඒ ආශ්‍රිතව තවත් කාරණා කිහිපයක් ගැන හෙන දිග එකක් ඊයේ ලිව්වා. දිග වැඩි නිසා සමහරු තාම කියවනවද මන්දා... දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්ලිටෝරිස් එක හෙවත් ශුද්ද සිංහලෙන්ම භගමනිය ගැන. 


📌📌 ක්ලිටෝරිස් එක කියන්නේ හරි අමුතු මෙව්වා එකක්. 


දැන් ඔය අපේ ශරීරයේ තියෙනවානේ විවිධාකාර අවයව. මේවායේ විවිධාකාර ප්‍රයෝජන තියෙනවා. දැන් බලන්න ඇඟිලි...ඇඟිලි කිව්වම අපි ලියන්න ඒවා පාවිච්චි කරනවා, යමක් අල්ලන්න පාවිච්චි කරනවා, තරහා ගියාම හූරන්න ටොකු අනින්න පාවිච්චි කරනවා, එක එක තැන්වල ඇඟිලි ඔබලා ගෑල්ලමයින්ට අන්න මනන් කරන්න ඒවා පාවිච්චි කරනවා. ඔය විදියට එක අවයවයක් ගත්තම ඒකේ ප්‍රයෝජන ගොඩාරියක් තියෙනවා. හැබැයි ක්ලිටෝරිසය එහෙම නෑ. ඒක ඔය යෝනිය කියන එකට සම්බන්ධ වෙලා කාරිය තියෙන්නේ එකම එක වැඩකට විතරයි. ඒ තමයි ගැහැණුන්ගේ ලිංගික තෘප්තිය. වෛද්‍ය විද්‍යාවෙදි හෙමත් ඕකට කියන්නේ reproductive organ අනන් මනන් නෙවේ කෙලින්ම Sex organ එකක් කියලනේ. ඒනිසා සත්තයි ගෑල්ලමයින්ට ලිංගික තෘප්තිය ලබාදීම හැරුණාම ක්ලිටෝරිසයෙන් කරන වෙනත් කිසිම ජීව විද්‍යාත්මක වැඩක් නැහැ. ඉතින් එහෙම කිව්වාම ගෑල්ලමයි පිරිමි ළමයි ඔක්කෝමලා තේරුම් ගන්න ඔය කොටසින් අපේ ලිංගික ජීවිතයට තියෙන වැදගත්කමේ තරම.


තව එතනින් ගියාම ක්ලිටෝරිස් එක කියන්නේ හරි අත්භූත අවයවයක් නේ. ඕක යෝනියට සම්බන්ධ වෙලා තියෙන්නෙත් හැංගිලා වගේ. ඉතින් ගොඩාක් අය දන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියලා. පිරිමි ළමයිත් මෑ ඇටේ අරක මේක කියාගෙන හිටියට දැක්ක තැන අඳුරගෙන එයාට නිසි විදියට සලකන්න දන්නේ නෑ. පේන්න එලියට පහළියට වෙන්න තිබුනත් ඕකත් මේ නමක් ගමක් විශේෂයක් නැති, කොහොමත් බලිය වගේ තියෙන මගේ එක තවත් කැත කරන්න හැදුන කෑල්ලක් කියලමයි ගොඩක් ගෑල්ලමයි හිතන්නේ. තවත් සමහරු මේකේ ප්‍රමාණය ගැන හෙම වදවෙවී ලැජ්ජාවෙනවා මටත් පිරිමි ළමයින්ගේ වගේ එකක් හැදෙනවාවත්දෝ කියලා. මොකද සමහර හෝමෝන අසංකූලතා වගේ ඒවා නිසා මේක ලොකු වෙන්න එහෙම ඉඩ තියෙනවා.. 


ක්ලිටෝරිසයට වෛද්‍ය විද්‍යාවේදි කියනවා ඒක homogus අවයවයක් කියලා. ඒ කියන්නේ තවත් අවයවයකට සමජාතීය එහෙම නැත්නම් පොදු සම්භවයක් තියෙන අවයවයක්. කාටද දැන් ක්ලිටෝරිස් එක සමජාතීය වෙන්නේ? වෙන කාටද ඉතින් පිරිමි ලිංගයට මිසක්. ක්ලිටෝරිස් එකේ ව්‍යූහය ගැන කියවනකොට අපිට පේනවා ඒකේ තියෙන කෑලි බෑලි ගොඩාක් එව්වා ඒ විදියටම වගේ පිරිමි ළමයින්ගේ බටෙ සහ ඒ අවටත් තියෙනවා කියලා. මේකට හේතුව ඇත්තටම ක්ලිටෝරිසය සහ පිරිමි ළමයින්ගේ එක දෙකම එන්නේ එකම ගමක ඉඳලා. ඒ කිව්වේ මේකයි. මානව කලල අවදියේදි තියෙනවා genital tubercle කියලා කොටසක්. කලලය ගැහැණු හෝ පිරිමි දරුවෙක් විදියට වර්ධනය වෙලා ඒකේ Sexual reproduction systems හැදෙනවාත් එක්කම මේ කියන genital tubercle එක පිරිමි ලිංගය හෝ ක්ලිටෝරිසය විදියට වෙනස් වෙනවා. 


📌📌  ක්ලිටෝරිස් එකේ බාහිර පෙනුම…





ක්ලිටෝරිස් එක පිහිටලා තියෙන්නේ බාහිර යෝනි තොල් උඩ දිශාවෙදි එකිනෙකට එකතු වෙන තැනට යටින් අභ්‍යන්තර යෝනි තොල් එකිනෙනකට එකතු වෙන හන්දියට ඔන්න මෙන්න කියලා ඊයේ ලිපියෙදිත් කිව්වා. ගැහැණුන්ගේ ක්ලිටෝරිසය ගැන කියද්දි අපි කියනවා ඒකේ බාහිර කොටස සහ අභ්‍යන්තර කොටස කියලා දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කෑල්ලක් එලියේ තව කොටසක් ඇඟ ඇතුලේ. ක්ලිටෝරිසය කියලා ඔහේ කියලා දාන බැලු බැල්මට පෙන්න තියන චුට්ටන් කොටස තමයි ක්ලිටෝරිසයේ බාහිර කොටස. මේකට අපි කියනවා clitoral glans කියලා. මේ clitoral glans කියන එක සාමාන්‍යයෙන් පොඩි ඇටයක් වගේ කියලා තමයි අපි කියන්නේ. ඕක දළ වශයෙන් සෙන්ටිමීටර් 1 ක් දක්වා පළල වෙන්නත්, සෙන්ටි මීටර් 0.2 - 3.5 ත් අතර දක්වා දිගිනුත් තියෙන්න පුලුවන්. එතකොට ඒක වටේ තියෙනවා clitoral hood කියලා පොඩි පහේ ආවරණයක්. මේක ඇත්තටම වෙනම කොටසක් නෙවෙයි, ක්ලිටෝරිසය වටේ යන labia minora එකෙන්ම හැදෙන දෙයක්. මේ ආවරණය තියෙන්නේ ක්ලිටෝරිසයට දැනෙන සංවේදන පාලනය කරන්න. එයා හරි සෙන්සිටිව් කෙනෙක් වැඩිය අන්න මනන් දරාගෙන ඉන්න හිත හයිය නෑ. 


ගෑල්ලමයි...මේක බැලු බැල්මට පේනේනේ නැත්නම් (එහෙම තමයි ඒක සාමාන්‍යයි) තියෙන තැන තියෙන විදිය හොයාගන්න පහුසම ක්‍රමය තමයි ඇඳක හාන්සි වෙලා කකුල් දෙක දණහිස ලඟින් නවාගෙන ඇස් දෙක පියාගෙන ඇඟිලි තුඩකින් මේක හොයන එක. චුට්ටක් කෑලි බෑලි එහෙ මෙහෙ කරලා හොයන්න. එතකොට අහු වෙයි යෝනි තොල්වලින් ඇතුලට වෙන්න පොඩි ගැටිත්තක් (bump එකක්) එහෙම නැත්නම් පුංචි ඇටයක් වගේ මේක පිහිටලා තියෙනවා. ක්ලිටෝරිස් එක ක්ලිටෝරල් හුඩ් එකෙන් වැහිලා පිහිටලා තියෙනවා කියලා කලින් කිව්වනේ. හුඩ් එක කියන්නේ නිකන් නෙවෙයි. ඔය හුඩ් එක (hoody) කියන ඇඳුමක් ඇඳගෙන ඉඳිද්දි අවශ්‍ය වෙලාවට හුඩ් එක පහළට ඇදලා ඔලුව එළියට ගන්න පුලුවන්නේ. ඒ වගේම  තමයි මේ කියන ක්ලිටෝරිසයත්...තවත් ටිකක් පැහැදිලිව බලාගන්න පුලුවන් ඇඟිලි තුඩින් සියුම්ව ක්ලිටෝරල් හුඩ් එක අල්ලලා පස්සට ඇද්දාම. 


එතකොට සමහර බොයිස්ලා හිතාන ඉන්නවා වගේ සෙක්ස් කරද්දි පිරිමි ළමයින්ගේ එක වගේ ක්ලිටෝරිසය ලොකු වෙන්නේ නැහැ. එලියට පෙනෙන්න තියෙන glans clitoris එක ඇතුලේ පිරිමි ලිංගයක වගේ erectile tissues නැහැ. ජිම් ගියාම ගෑල්ලමයින්ගේ ක්ලිට් එක ලොකු වෙනවා, fit ඇඟවල් තියෙන ගෑල්ලමයින්ගේ ක්ලිට් එක ලොකුයි වගේ කතා කියන්න එපා. ඒක ඇතුලේ අපේ අත් ගොබවල වගේ ව්‍යායාම නිසා වර්ධනය වෙන්න පුලුවන් මාංශ පේශි නැහැ. සෙක්ස් කරන්න පටන් ගන්න මුල් අවස්ථාවේ ක්ලිටෝරිස් එක චුට්ටක් විතර ලොකු වෙන්න පුලුවන්. ඒත් එහෙම වෙන්නේ Clitoral glans එක ලොකු වෙන නිසා නෙවෙයි. ක්ලිටෝරිසයේ අභ්‍යන්තර කොටස් විශාලවීම නිසා. හැබැයි “අනේ ඉන්න බෑ පැටියෝ…හ්හ්” කියලා ගෑල්ලමය කියනකොට එබිලා බැලුවොත් පෙනෙයි clitoral glan එක අර කලින් කියපු clitoral hood එක ඇතුලට ගිහින් හැංගිලා වගේ තියෙනවා. එහෙම තමයි පටන් ගනිද්දි චුට්ටක් ලොකු උනත් ක්ලිටෝරිස් ඒකට එව්වා මෙව්වා වෙන එක වැඩි වෙන්න වෙන්න එක තැනකදි ඒක දරා ගන්න බැරි වෙනවා. එහෙම උනාම ක්ලිටෝරල් ආවරණය ඇතුළට ගිහින් හැංගෙනවා. කිව්වනේ එයා හරි සෙන්සිටිව් කියලා.   


📌📌  ක්ලිටෝරිස් එකේ අභ්‍යන්තර පෙනුම…


Clitoral glans එක කියන එළියට පෙනෙන්න තියෙන කොටස බොහොම චුට්ටන් උනාට බලන්න එපැයි ක්ලිටෝරිසයේ අභ්‍යන්තර කොටස්. ඒවා අර එලියෙන් තියෙන කෑල්ල වගේ දහ ගුණයක් විතර විසාලයි. ඇතුලෙදි ක්ලිටෝරිසය පාද දෙකකට බෙදෙනවා. ඇයි දෙකක්? එකක් සමන්තට නෙවෙයි...කිව්වනේ ක්ලිටෝරිසය පිරිමි ලිංගයට සමජාතීයයි කියලා. එතකොට කලල අවස්ථාවේ ඉදන්ම පතාගෙන එන නිසා තමයි දෙකක් විදියට හැදෙන්නේ. මේ පාදවලට අපි කියනවා corpus cavernosum කියලා. ඒවයේ කෙලවර crura කියලා හඳුන්වනවා. ඊලඟට ඒ පාද දෙකටම සම්බන්ධ වෙලා යෝනි මාර්ගය දෙපැත්තට වෙන්න ක්ලිටෝරිසය කුටීර දෙකක් විදියටත් වර්ධනය වෙනවා. බලන්න මේ යටින් තියෙන ඉමේජ් එක. මේ කුටීරවලට කියනවා vestibular bulbs කියලා. බැලු බැල්මට මේක හරියට පිරිමි ලිංගය සහ ඒකට යටින් එල්ලි එල්ලි තියෙන දෙහි ගෙඩි දෙක වගේමයි නේද? ක්ලිටෝරිසය සහ පිරිමි ලිංගය homogous අවයව කියලා කියන කතාව දැන් හොඳටම ෂුවර් නේද? මේ කියන vestibular bulbs තියෙන්නේ කෙලින්ම labia majora වලට යටින් ඒවට සමාන්තරව.  ක්ලිටෝරිසයේ බාහිරින් තියෙන කොටස්වල erectile tissues නැති උනාට ඔන්න මේ කොටස්වල තියෙනවා erectile tissues හොඳේ. ඩිස්ටි ඩිඩින් එකේ මුල හරියෙදි ක්ලිටෝරිස් එක චුට්ටක් ලොකු වෙනවා කිව්වනේ. එතනදි ඇත්තටම වෙන්නේ මේ උඩින් කියපු corpus cavernosum එක ලොකු වීම නිසා Clitoral glans එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුර එළියට මතුවෙලා පේන එක. සමහර විට ඉස්සිලා බලලා තව චුට්ටකින් ලඟට එක පිරිමි ලිංගයට ඇහක් ගහනවා ඇති. ලිංගික උත්තේජනය වැඩි වෙන්න වැඩි වෙන්න vestibular bulbs කොටස්වල රුධිරය ගලනවා නිකන් සට සට ගාලා. ගලන රුධිරය පිට වෙන්න තැනක් නැති නිසා මේවා පිම්බෙනවා. මේවා පිම්බෙද්දි උඩින් තියෙන labia majora හෙමත් පිම්බිලා ඒවා තව තවත් සංවේදි වෙනවා. එතකොට තමයි “අනේ තව ඕන...නවත්තන්න එපා බබා” වගේ දේවල් කටින් පනින්නේ. 


📌📌  ක්ලිටෝරිස් එකේ වැදගත්කම… 


ක්ලිටෝරිස් එක කියන්නේ ගැහැණු ලිංගික තෘප්තියේ යතුර (key to female sexual pleasure). නිකමට නෙවෙයි එහෙම කියන්නේ. Clitoris කියන වචනය හැදෙන්නේ kleis කියන ග්‍රීක වචනයෙන්. Kleis කියන වචනයේ තේරුම යතුර. Clitoral glans කියන බාහිරට පේන්න තියෙන කොටසේ විතරක් තියෙන සංවේදී ස්නායු කෙලවර ගණන 8,000 කට එහා. මානව සිරුරේ (ගැහැණු හෝ වේවා පිරිමි හෝ වේවා ඕන එකක) වැඩිම ස්නායු කෙලවර ප්‍රමාණයක් පිහිටලා තියෙන්නේ ඔතන. කිව්වට විශ්වාස කරන්න සුට්ටක් තදින් මිරිකුවත් බුදාම්මෝ ගාන පිරිමි ළමයින්ගේ එකේ අර තොප්පිය වගේ කෑල්ලෙ නෑ ඒ ගානින් භාගයක්වත්. ආයෙත් කියනවා...හිතන්න මේ පුංචි කොටස ගැහැණුන්ගේ ලිංගික තෘප්තියට තියෙන වැදගත්කමේ තරම. ඕක දැක්කේ නෑ වගේ යන්නේ ඇයි පවු නැද්ද?  


ලෝකය පුරාම ඉන්න ගැහැණු ගත්තොත් එයාලාගෙන් 20 - 25% ක් විතර ප්‍රමාණයකට තමයි පිරිමියෙක්ගේ එක ඇතුළට දාලා කරගැනීමෙන් (vaginal stimulation) සුරාන්තයක් ලබාගන්න පුලුවන් (එහෙම සුරාන්තවලට කියනවා vaginal orgasm කියලා). අනිත් ගැහැණු 75% ටම එහෙම ඇතුළට දාගෙන කරගත්තා කියලා සුරාන්තයක් වෙන්නේ නැහැ නැහැමයි. එයාලට එකක් වෙන්නේ මෙන්න මේ කියන ක්ලිටෝරිසයට ලැබෙන උත්තේජනවලින් විතරයි (ඒවට කියනවා clitoral orgasms). ඉතින් බලන්න මේ පුංචි අවයවය කාන්තා ලිංගික තෘප්තියට කොයි තරම්නම් වැදගත්ද කියලා. පිරිමින්ට ඔහොම නැහැනේ. එයාලට සුරාන්තය අනිවාර්යයෙන් වෙනවා ඇතුළට දාලා කරාම. ඉතින් ගැහැණු සුරාන්තය සහ පිරිමි සුරාන්තය දෙකම ඔය ගැහිල්ලෙන් ගොඩ දාගන්න පුලුවන් කියලා හිතන්න එපා. ඔය බටහිර රටවලනම් ඕවා ගැන විහිලුත් තියෙනවා. සෙක්ස් කරාලා ඉවර කරාට පස්සේ 10% ක් ගැහැණු නිදා ගන්නවලු, 10% ක් නැගිටලා ඇඟ එහෙම හෝද ගන්නවලු අනිත් 80% ම තමන්ම තනියම ඒ වැඩේ ඉවරයක් කරගන්නවලු. ඒත් ආසියාතික ගැහැණු එහෙම නැහැනේ. එයාලා ලිංගිකත්වය කියන්නේ තමන් විසින් තමන්ට ලබාදෙන්න උනත් පුලුවන් දෙයක් කියන මානසිකත්වය නෑ. හස්බන්ඩ්ගෙන්ම තමා ඒක ලැබෙන්න ඕන. ලැබෙන්නේ නැත්නම් කට වහගෙන ළමයි ටික හොඳට හදාන ඉන්නවා. ඕවා කතා කරන්න “වේස ගෑනු නෙවෙයිනේ”. මට නිතරම හිතෙන දෙයක් තමයි අපි අවට ඉන්න ගොඩාක් ගෑල්ලමයි මේ ක්ලිටෝරල් සුරාන්තය ගැන නොදැන සිටීම නිසා සුරාන්තය කියන සුන්දර හැඟීම (සමහරු මේකට කියනවා අපේ ශරීරයට දැනෙන දිව්‍යමය හැඟීම එහෙම නැත්නම් devine feling කියලා) එකම දවසකවත් විදින්නේ නැතිව වයසට යනවා ඇති කියන එක. 



📌📌  ඇයි මෙච්චර වැදගත් අවයවයක් ගැන අච්චර අඩු සැලකිල්ලක්... 


pop culture හෙවත් ජනප්‍රිය සංස්කෘතිය බැහැලා වැඩ කරනවා ගැහැණු සුරාන්තය ගැන වැරදි මත සමාජයට දෙන්න. ඒ වැඩෙන් වෙන්නේ ගැහැණු සුරාන්තයට ක්ලිටෝරිස් එකෙන් තියෙන වැදගත්කම ගැන තඹේකට ගන්න නොගන්න තැනට මිනිස්සුන්ව ගෙනියන එක. ඒවයේ තියෙන සෙක්ස් සීන් බලන්න. කොල්ලයි කෙල්ලයි කෙල ටොෆි දීගන්නවා, ඊට පස්සේ පිස්සුවෙන් වගේ කොල්ලා කෙල්ලගේ ටොප් එක ගලවනවා, කෙල්ල කොල්ලගේ ෂර්ට් එක ඉරලා බෙල්ට් එක ගලවනවා. ඒ අතරේ දර්ශනයක් දෙකක් තියෙනවාමයි කෙල්ලගේ යට ඇඳුම්වල තියෙන සෙක්සි පැටර්න්ස් සහ සරාගික බව පෙන්වන්න. හරියට ගෑනු තුන් තිස් පැයේම ඔය ඇඟට අමාරු නයිලෝන් නැත්නම් ලේස් පෑන්ටීස් ඇඳගෙනම ඉන්නව වගේ. ඊට පස්සේ කොල්ලා කෙල්ලව ඇඳට පෙරලගන්නවා, කොල්ලාගේ පස්ස ඉස්සෙනවා පහත්වෙනවා පෙන්නනවා, කෙල්ලත් මාර ආස හිතෙන විදියට කෙඳිරි ගානවා. අන්තිමට කොල්ලා පිටට පිහි පාරක් කෑවා වගේ සද්දයක් දාගෙන කෙල්ලගේ ඇඟ උඩට පතබෑවෙනවා….කෙල්ලත් ඒ වෙලාවටම ටක්කෙටම ආහ්හ්හ් ගාලා මටත් එකක් උනා කියන්නා වගේ ඇස් පියා ගන්නවා. මූනේ සතුට උතුරනවා. ඕවා බලන උන් ඊලගට හිතනවා හා මේම මේම කරලා මේම කරාම තමයි ගෑල්ලමයෙක් ආහ්හ්හ් ගාලා ඇස් පියා ගන්නේ කියලා. ඉතින් එයාලා ඉන්නේ ක්ලිටෝරල් ඕර්ගැසම් කියන්නේ what the hell අයිසේ ඕවා ඕන නෑ ඇතුළට දාලා ගහනවා වේගෙන්, ගෑනි සෙක්ස් ඉල්ල ඉල්ල පස්සෙන් එන්නේ කියලා හිතාන. පස්සෙන් එනවා සෙද්දක්..


ඉතිහාසය පුරාම මේ ක්ලිටෝරිසයට කුඩාම්මාගෙත් කුඩම්මාගේ සැලකිලි ලැබුන නිසා තමා අද ගොඩාක් අය ක්ලිටෝරිස් එකේ වැදගත්මක තේරුම් ගන්නේ නැත්තේ. ක්ලිටෝරිස් එක වෙන්න ඇති ගැහැණු ඇඟේ වැඩියෙන්ම discrimination වලට ලක් උන අවයවය. තව එහෙම අවයවයක් තියෙනවානම් ඒ ගෑනු මොළේ විතරයි මොකද ගොඩාක් අය හිතාන ඉන්නේ ගෑනුන්ට මොළේ නෑ කියලනේ. ඔය ක්‍රිස්තු වර්ෂ 1545 විතර ඈත කාලෙදි එක්තරා ප්‍රංශ වෛද්‍යවරයෙක් ක්ලිටෝරිසය ව්‍යූහ විද්‍යාත්මකව පරීක්ෂා කරා. කරලා ඉවර කරලා ඒකට නමක් දාන්න ඕන උනාම මේ හාදයා දැම්මලු membre honteux කියලා. ඒකේ තේරුම the shameful member. ඒ කිව්වේ නිකන් ජරා කොටස වගේ දෙයක්. 


තව එතකොට මනෝ වෛද්‍ය විද්‍යාවේ බොහොම ශ්‍රේෂ්ඨයි කියලා සලකන සිග්මන් ෆ්‍රොයිඩ් මහත්තයා තමයි ක්ලිටෝරිසයට නැති වෙන්නම ෂොට් එක දුන්න කෙනා. එයා කිව්වා හපෝ clitoral orgasms නම් හොඳම නෑ, vaginal orgasm තමා හොඳ කියලා. ඒ කියලා ඉන්නේ නැතිව clitoral orgasm කරගත්තාම හිස්ටීරියාව වගේ එක එක මානසික ලෙඩ එහෙම හැදෙනවා කියලා කෙබරත් අතෑරියා. එයා ඔය විදියට ගැහැණු ලිංගිකත්වය තුන්වෙනි පංතියෙනුත් එලියට හලන්න මාර ට්‍රයි එකක් දුන්න කෙනෙක්නේ. කතන්දර ගොඩාක් කිව්වා එයා. එයාගෙම තව තියරි එකක් තියෙනවා Penis envy කියලා. ඒකෙන් එයා කියන්නේ තරුණ ගැහැණු ළමයින්ට එක්තරා වයසකට ආවම තමන්ට පිරිමින්ට වගේ ලිංගයක් නැතිවීම ගැන ඇති වෙන ඊර්ෂ්‍යා සහගත මානසිකත්වයක් තියෙනවාය ඒ අනුව තමයි එයාලගේ psychosexual identity එක හැදෙන්නේ කියලා. 


සිග්මන්  ෆ්‍රොයිඩ් සහ එයාගේ සමකාලීන බෝයිස්ලා මේ වගේ හැලප තියරි ගෙනාවේ ගැහැණුන්ගේ ලිංගික ස්වාධීනත්වයට බය නිසා සහ ගැහැණු ලිංගිකත්වය පිරිමින්ගේ ලිංගිකත්වයට සාපේක්ෂව නිර්වචනය කරන්න එයාලාට ඕන උන නිසා. අදටත් සමහර පිරිමින්ට හරි අමුතුයිනේ ගැහැණු ස්වයං වින්දනය කරනවා කියන එක. ඒ වගේ ගැහැණු “බඩු...ඔක්කොම සෙල්ලම් නටලනේ ඉන්නේ එයාලා”. එයාලට අනුව ගැහැණු ලිංගිකත්වය සම්බන්ධයෙන් මූලිකත්වය ගන්න එක වැරදියි. එයාලා gatekeepers ලා...පිරිමියෙක් එනකන්ම බලාන ඉඳලා ඇරලා දෙන එක විතරයි එයාලා කරන්න ඕනේ. ඔහොම තමා සෙක්ස් ගැන මතවාදය හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ක්ලිටෝරිසය කියන එක අමතක කරාම ගැහැණුන්ව ගානට තියාගන්න ලේසියි. ඕවා ගැන තව හොඳට පැහැදිලි කරලා දෙයි ෆෙමිනිස්ට්ලගෙන්, තව එතකොට ඔය පීතෘමූලිකවාදය සහ misogyny වගේ එව්වා ස්ටඩි කරන සමාජවිද්‍යා ළමයෙක්ගෙන් එහෙම ඇහුවොත්. 


හොඳේ එහෙනම් අදට මෙච්චරයි. ඔය ක්ලිටෝරිසය ගැන සම්මාන මල්ලක්ම හම්බුන වීඩියෝවක් හදලා YouTube දාලා තියෙනවා කැනඩාවේ ඉන්න ලෝරි ට්‍රැවර්සි කියන අක්කා. මාධවීතුමී ඒකට සිංහල සබ්ටයිටල්ස් හෙමත් හදලා ඇරලා එයා ඒකත් දාලා තියනවා එයාගේ වීඩියෝවට (සභාවේ අත්පොලසන්). ගිහින් සබ්ටයිටල්ස් දාන බලන්න වෙලාවක් තියෙනවානම් (https://www.youtube.com/watch?v=J_3OA_VZVkY). ඊලඟට දාන්නම් The Big O ගැන. O for Orgasm. ටටා…


මම මාධවී. මේ මගේ bedroom talks

#mbtalks #madhavisbedroomtalks


Your Vulva 101 - ක්ලිටෝරිසය ගැන කියවමු Your Vulva 101 - ක්ලිටෝරිසය ගැන කියවමු Reviewed by Madhavi's Bedroom Talks on March 06, 2021 Rating: 5

No comments:

Powered by Blogger.